Pages

Showing posts with label Articles. Show all posts
Showing posts with label Articles. Show all posts

Sunday, June 15, 2014

වැස්ස.............


  
            වැස්ස නිසා පහුගිය දවස් වල මිනිස්සු කොච්චර දුක්වින්දද...අසරණ වුණාද ..අනාථ වුණාද..ජීවිතෙන් සමු අරන් ගියාද....ඒ මිනිස්සු වැස්සට කොච්චර නම් ශාප කරන්න ඇත්ද!!....
                  ඒ අය වැස්සට එහෙම ශාප කරද්දි ආයෙ එන්නෙපා කියලා, තවත් කට්ටියක් වැස්ස නෑ කියල තමන්ටම ශාප කරගන්නවා....ඒ නියගයෙන් පීඩා විඳින අය.....ඒකෙන් තේරෙන්නෙ වැස්ස ඕනවට වඩා තිබිලත් බෑ නැත්තටම නැතුවත් බෑ කියලා.......

Monday, July 22, 2013

ඇසළ පොහෝ දිනය අදයි........

බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.

ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්‍මචක්‍රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.

තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්‍මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්‍මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.

Friday, July 19, 2013

කට්ටියම කලින්ම ගිහින් පෝලිම අල්ලගමුද... ???

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් ‍තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.

ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...
ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
ලෝදිය හැලියේ පැයක් බස්සනවා.ක‍ටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
වැඩේ බරපතලයි නේ..

Thursday, July 18, 2013

සොරෙකුගෙන් පොලිස් පති තුමෙක්ට ලියමනක්......

ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.
කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්
කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා
පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු, තමන්ගේ
ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්
පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්
කොටසකි.

ගරු පොලිස්පති තුමනි,

Thursday, July 4, 2013

Sherlock Holmes's Home (ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු)

221b, බේකර් වීදිය කිව්වහම නොදන්නා පොඩි එකෙක් නෑනේ. අපි එහෙනම් ලෑස්ති වෙන්නේ ෂර්ලොක් හෝම්ස් මහත්තයාගේ නිවසට යන්නයි. වැඩි කතා මොකටද? අපි ගමන යමු.

එහෙනම් බේකර් වීදියෙන් බහිමු. දන්නවනේ කොහෙද තියෙන්නේ කියල??



මේ තියෙන්නේ බේකර් වීදිය..  අර කෙලවරේම තමයි ගේ තියෙන්නේ.


Sunday, June 30, 2013

Beware of Trojans (මොනවද මේ Trojan කියන්නේ කියලා දැනගන්න කියවන්න.)

Trojan Horses කියන්නේ මොනද? 
                 ඒවගෙන් අපිට මොකද වෙන්නේ කියලා අපි අද දැන ගමු.


trojan horse alert avast

trojan horse alert kaspersky

                      මේ වගේ දෙවල් ඔයාලා දැකලා ඇති internet එකෙන් Download කරගත්ත Torrent එක, Keygen එක Run කරනකොට....අපිට හිතෙන්නේ Virus Guard  එක නිකම් පිස්සු කෙලිනවා..Virus Guard එක Off කරලා මේක run කරානම් හරි කියලා. (එත් ටිකක් බයයි, Virus Guard එක කිව්වෙ ඇත්තද දන්නෙ නෑනෙ. . .)
             අපි එක Run කරා කියලා අපිට පෙන්න මොකුත් අවුලක් පේන්නෙ නෑ. ඉතින් අපි හිතන්නේ "Virus Guard එක බොරුනෙ කියලා තියෙන්නෙ , .. මේක virus එකෙක් නෙමෙයි Keygen එකක්... මම Run කරලා Software එක Register කරගත්තා කිසි අවුලක් නැ .. Virus එකක් තිබ්බනම් මගෙ Computer එක පිච්චෙන්න එපැයි ,, අඩුම ගානෙ Screen එක රතු පාට වෙලා ලොකු සද්දයක් ඇවිත් බලන් ඉද්දි Files එක එක මැකෙන්න ඕන... බොරු Virus Guard!   මේක Uninstall කරලා දාන්න ඕන" කියලා.

ඇත්තටම මොකද වුණෙ ?? උනේ ඔයාලට Sorry . com වුණා!... කොහොමද වුණෙ කියලා බලමුකො....

ඔන්න අපි කොහොම හරි install වුණ Trojan file එක හොයාගත්තා කියමුකො. ..

Saturday, June 29, 2013

DNA ඇඟිලි සලකුණු වල අතීත මංසළකුණු..!!



               Professor Alex Jeffreys of Leicester University who invented genetic fingerprinting in 1984.

DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මුල් වරට යොදවා ගත්තේ 1986 දී මහා බ්‍රිතාන්‍යයේදීයි.
එම සිද්ධිය මෙසේයි......

  • 1983 දී පාසැල් ශිෂ්‍යාවක් දූෂණය කර මරා දමා තිබියදී ලිස්ටර් නගරයට ආසන්න ගමකදී හමුවිය.
  • 1986 දී එවැනිම තවත් සිද්ධියක් එම ගමේ සිදුවිය.
  • එක්තරා පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට පත්වූ අතර ඔහු දෙවන සිදුවීම ගැන පාපොච්චාරණය කරන ලදි. නමුත් පොලිසියේ විශ්වාසය වූයේ මුල් සිද්ධියට සම්බන්ධ පුද්ගලයාද මොහු බවය.
  • පොලීසිය විසින් 1983, 1986 යන අවස්ථා දෙකේදී ලබා ගත් ශුක්‍ර තරල සාම්පල් ද, මෙම සැකකාර පුද්ගලයාගෙන් ලබාගත් රුධිර සාම්පලයක් ද, ලිස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Alex Jeffreys වෙත යොමු කරන ලදි.
  • මහාචාර්ය Alex Jeffreys DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කරන ලදි. එවිට හෙලිදරවු වූයේ මෙම පුද්ගලයා සිදුවීම් දෙකටම නිර්දෝෂී බවය.
  • එම ගම්මානය අවට පුද්ගලයින් 1500 දෙනෙක් සඳහා DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කලද අපරාධකරු සොයාගත නොහැකි විය.
  • අවසානයේදී තැබෑරුමකදී සිදුවූ සංවාදයක් ඇසුරෙන් අපරාධකරු අල්ලාගන්නා ලදි.DNA ඇඟිලි සලකුණු මඟින් ඔහු අපරාධයන් 02 සිදුකළ බව තහවුරු කරන ලදි.

Sunday, June 16, 2013

සුව නසන ස්මාට් ෆෝන්

මීට පෙරත් ස්මාට් ෆෝන් ගැන විස්තර ඔයාලට පළකරා.නමුත් ස්මාට් ෆෝන් ගැන මේ කියන්න යන කතාව නම් එච්චර හොද දෙයක් නෙවෙයි.


                           ස්මාට් ෆෝන් ගැන කරපු සමීක්ෂණ තුලින් ස්මාට් ෆෝන් පාවිච්චියෙන් වෙන සෞඛ්‍ය හානි එළිවෙයි.ස්මාට් ෆෝන් භාවිතා කරන්නන් තමන්ට නොදැනීම වුවත් ලොකු සෞඛ්‍ය හානි කර ගනිති. ඕනෑවට වඩා වැඩි කාලයක් ස්මාට් ෆෝන් එකෙහි වැඩ කිරීම. මේ තත්ත්වය උදා කොට තිබෙන බව පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී තිබේ.

                    ස්මාට් ෆෝන් භාවිතා කිරීම නිස මතුවෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වෙන්නේ බෙල්ලේ සහ කොන්දේ අමාරුවයි. ඊට හේතුව ස්මාට් ෆෝන් ස්ක්‍රීනයටම අවධානය යොමු කරගෙන වැඩ කරනවා මිස සුව පහසු සහ සුදුසු ඉරියෞවකින් නොසිටීමයි.වාඩිවී සිටීමත්, බෙල්ල නුහුරට හරවාගෙන ස්මාට් ෆෝන් ස්ක්‍රීනය දෙස බලා සිටීමත් කොන්දේ අමාරුව සහ බෙල්ලේ අමාරුව සාදයි. බ්‍රිතාන්‍යේ වරලත් භෞත චිකිත්සක සංගමය(Chartered Society of Physiotherapy) මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වීය. ඒ ඇසුරෙන් එහි ප්‍රකාශිකාව වෛද්‍ය හෙලේනා ජොන්සන් කියන්නේ,අලුත් පරම්පරාවේ බොහෝ දෙනා ස්මාට් ෆෝනයටම වහල් වී සිටීම නිසා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත යුතු තරමට ආබාධිත වන බවයි.




The Blue Brain Project (ඩිජිටල් මිනිස් මොළය)


මිනිසාගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කිරිමේ වැඩ සටහනක් 2005 දී ආරම්භ වුණි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය(The Blue Brain Project) යනු එහි නමයි.දැන් කියන්නේ ඉදිරි වසර අවුරුදු 7ක් 8ක් යැමට පෙර මේ ව්‍යාපෘතියේ කෘතිම මොළය එලිදක්වන බවයි.

ඊට කලින් පටන්ම පසුගිය අවුරුදු 15 කට වැඩි කාලයක් පුරා මෙසේ ඩිජිටල් මොළයක් නිර්මාණය කිරිමේ වැඩවල නිරතවී සිටින්නේකි මහාචාර්ය හෙන්රි මාක්‍රම්.බ්ලූබිරේන් ව්‍යාපෘතිය මෙහෙයවන්නේ ඔහු විසිනි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය යටතේ දැන් කරන්නේ මිනිස් මොළයේ බාහිකය කියා හදුන්වන ප්‍රදේශයේ ඇති විශේෂ  කලාපයක් වන නව බාහිකයේ (Neocortex) ස්නායු සැලැස්ම නිරුපණය කරන ඩිජිටල් ආකෘතියක් තැනිමය.

Find GOLD in the garbage (කුණු කන්දෙන් රන් සෙවිම)  



ජංගම දුරකතන, පරිඝනක හා ඊට සම්බන්ධ වෙනත් උපාංග සාදන්නට නොයෙක් වර්ගයේ ලෝහ වර්ග යොදා ගනි.රත්තරන් , රිදි සහ තඹ ඒ අතරින් වඩාත් වටිනා ඒවාය. පාවිච්චි කොට ඉවත විසි කරන මේ ඉලෙක්ට්‍රොනික් උපාංග කොටස් පරිසරයට ලොකුම හානියක් නොවී නැවත මොනයම්ම හෝ ක්‍රමයකට ප්‍රයොජනයට ගැනිම හදුන්වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය කළමනාකරණය ( E- waste management) කියාය.

ජපානයේ මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රියකරණය පැත්තෙන් දැන් ලොකු ලාබ ලබයි. ඒ රන් , රිදි, සහ තඹ විකුණන්නට පටන් ගැනිමෙනි. මේ ලෝහ සියල්ලලම එන්නේ ඉවතලන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය විශේෂ කර්මාන්තශාලාවල ප්‍රතිචක්‍රිකරණය (Recycling) කිරිමෙනි.

Saturday, June 15, 2013

How Remove Write Protected Error

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද මන් කතා කරන්න හදන්නේ.
මේක මටත් උනා. මගේ Transcend 32GB  පෙන් එකට . පුදුම කට්ටක් කැවා එක හදාගන්න දවස් 2ක් විතර....
Write Protected Error අයින් කරන්න නම් ක්‍රම ගොඩක් තියෙනවා. විවිධ හෙතු නිසා විවිධ වර්ගයේ පෙන් වල මේ Error එක එන්න පුලුවන්. මගේ නම් මේ Error ඒක ආවේ Virus නිසා.
 අපි බලමුකො දැන් කොහොමද පෙන් එකෙන් මේ Error එක අයින් කරගන්නේ කියලා...

කලින් කිවුවනේ මෙකට ක්‍රම ගොඩක් තියෙනවා කියලා. මගේ පෙන් එකට වැඩ කරපු එක මුලින් දාන් නම්.

පලමු ක්‍රමය:-

1.Go to Transcend Web site here

2.Then select like this

Saturday, June 8, 2013

Useful Windows Keyboard Shortcuts & facebook shortcuts


Keyboard Shortcuts will help you to do your work very fast.... If any shortcut miss by me here.... please tell me about it.

I include some facebook shortcuts too....

Windows Short Cuts

Run Commands:-

First you need to open Run window using  Windows key + R
Then Type one a command at a time to get the service or window  ...
cmd = Command Prompt
iexplore + "web address" = Internet Explorer
compmgmt.msc = Computer Management
dhcpmgmt.msc = DHCP Management
dnsmgmt.msc = DNS Management
services.msc = Services
eventvwr = Event Viewer
dsa.msc = Active Directory Users and Computers
dssite.msc = Active Directory Sites and Services
devmgmt.msc = Device Manager
msinfo32 = System Information
cleanmgr = Disk Cleanup
ntbackup = Backup or Restore Wizard (Windows Backup Utility)
mmc = Microsoft Management Console
excel = Microsoft Excel (If Installed)
msaccess = Microsoft Access (If Installed)
powerpnt = Microsoft PowerPoint (If Installed)
winword = Microsoft Word (If Installed)
frontpg = Microsoft FrontPage (If Installed)
notepad = Notepad
wordpad = WordPad
calc = Calculator
msmsgs = Windows Messenger
mspaint = Microsoft Paint
wmplayer = Windows Media Player
rstrui = System Restore
netscp6 = Netscape 6.x
netscp = Netscape 7.x
netscape = Netscape 4.x
waol = America Online
control = Opens the Control Panel
control printers = Opens the Printers Dialog

Other useful commands in Windows

Windows key + E = Explorer
ALT + Tab = Switch between windows
ALT, Space, X = Maximize window
CTRL + Shift + Esc = Task Manager
Alt+ctrl+del =Taskmanager
Windows key + Break = System properties
Windows key + F = Search
Windows key + D = Hide/Display all windows
CTRL + C = copy
CTRL + X = cut
CTRL + V = paste
CTRL+Z=Undo
DELETE=Delete.
SHIFT+DELETE=Delete selected item permanently without placing the item in the Recycle Bin.
CTRL while dragging an item=Copy selected item.
CTRL+SHIFT while dragging an item=Create shortcut to selected item.
F2=Rename selected item.
CTRL+RIGHT ARROW=Move the insertion point to the beginning of the next word.
 CTRL+LEFT ARROW=Move the insertion point to the beginning of the previous word.
CTRL+DOWN ARROW=Move the insertion point to the beginning of the next paragraph.
CTRL+UP ARROW=Move the insertion point to the beginning of the previous paragraph.
CTRL+SHIFT with any of the arrow keys=Highlight a block of text.
SHIFT with any of the arrow keys=Select more than one item in a window or on the desktop, or select text within a document.
CTRL+A=Select all.
F3=Search for a file or folder.
ALT+ENTER=View properties for the selected item.
ALT+F4=Close the active item, or quit the active program.
ALT+SPACEBAR=Opens the shortcut menu for the active window.
CTRL+F4=Close the active document in programs that allow you to have multiple documents open simultaneously.

Friday, June 7, 2013

Store Data In Bacteria(බැක්ටිරියා තුල තොරතුරු රැද විම)

හාඩ් ඩිස්ක් එක්ක තොරතුරු රැදවුවත්. CD හෝ DVD එකක තොරතුරැ රැදෙවුවත් ඒවා සදාකාලයටම පවතින්නේ නැත.අඩුම තරමේ අවුරුදු සිය ගනනක්වත් පවතින්නේ නැති වන්නට පුලුවන. නමුත් අවුරුදු කොටි ගනනක් වුවද නොනැසි තිබෙන්නට පුලුවන් සේ තොරතුරු රදවා තැබිමේ ක්‍රමයක් ජපාන විද්‍යාඥයෝ පිරිසක් සොයා ගෙන සිටිති. ඒ බැක්ටිරියාවක් තුල තොරතුරු රැදවිමේ ක්‍රමයකි.
මේ ක්‍රමය සොයාගෙන තිබෙන්නේ ජපානයේ කියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මසාරු ටොමිටා ඇතුළු පිරිස විසිනි.
Bacteria

මෙහිදි මුලින්ම කරන්නේ කෘතිම ජාන කොටසක් හෙවත් ඩ්.ඒන්.ඒ. (DNA) අණුවක් තැනිමය. පරම්පරාවට අදාල තොරතුරැ ජානයක සටහන්ව තිබෙන්නේ විශේෂ නයිට්‍රජනිය භෂ්ම වර්ග 4ක් නොයෙක් රටා වලට රැස්විමේනි.ඒසේ එක් පණිවිඩයක එක ලග පිහිටි භෂ්ම 3ක් හදුන්වනේ කේතයක් නැතිනම් කොඩොනයක්(code) ලෙසයි.

Thursday, June 6, 2013

Current is Free (විදුලිය නොමිලේ)

අද කාලයේ මහජනය වැඩි පුර ජිවත් වෙන හැම තැනකම රූපවාහිනියක්,රේඩියොවක් ක්‍රියාත්මක වේ.දුරකතන සන්නිවෙදන කුළුනු බහුලය. ජංගම දුරකතන සිමාවක් නොමැතිව වැඩ කරයි.මේ හැම උපකරණයක්ම තම සන්නිවෙදන කටයුතු කරන්නේ නොයෙක් විද්‍යුත් චුම්භක තරංග ඇසුරිනි. සන්නිවෙදන කටයුතු කරන අතරවාරයේදි විද්‍යුත් චුම්භක තරංග වැනසෙන්නේ නැත. බෙලහින වන්නේද නැත. ඒවා නොයෙක් අතට විසිරෙමින් තිබේ. ඒ තෙරුමින් ගත් විට අප ජිවත් වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග සාගරයක් තුල ගිලිය.

දස දෙස පැතිරෙන මේ විද්‍යුත් චුම්භක තරංගවලින් විදුලිය නිපදවෙන ක්‍රමයක් දැන් සොයාගෙනය. ඒ ඇමෙරිකාවේ ජොජියාටේක් ආයතනයේ විද්‍යුත් සහ පරිඝනක ඉංජිනේරු පාසලේ පරික්ෂකයන් විසිනි.මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් සමග ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් මේ සොයා ගැනිම කලහ. ඔවුන් කියන්නේ සන්නිවෙදන කටයුතු වලට බාධාවක් නොවි විද්‍යුත් චුම්භක තරංග වලින් ප්‍රයොජන ගන්නට පුලුවන් උපාංගයක් ඔවුන් විසින් නිපදවා ඇති බවයි.
creaters of ultra wideband antena

Sunday, April 28, 2013

රාජ නිතිය හා දෙතිස් වධය


රටක් එක්සේසත් කිරීම යනු මුළු රටම එකම නීතියක් යටතේ එක් පාලකයෙකු විසින් පාලනය කිරීම වේ. එක්සේසත් වූ රටක එක් එක් ප‍්‍රදේශ ප‍්‍රාදේශීය නායකයන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට අවකාශ නොමැත. මේ නිසා අද කෙසේ වුවද පුරාණ ලංකාවේ තිබී ඇත්තේ සියල්ලන්ටම බලපාන එකම නීතියක් බව නම් කිව යුතුය. එම නීතිය රාජනීතිය ලෙස හැදින්වූ බව ඉතිහාසයේ ලියැවී තිබේ.

රටේ පළාත් වලට අනුව ජාති හෝ ආගම් වලට අනුව උස්මිටි කුලහීනකම් වලට අනුව වෙනස්වන නීති පද්ධතියක් එකළ නොතිබුණි. මුළුරට තුළම ක‍්‍රියාත්මක වූයේ එකම රාජ නීතියකි. මේ නිසා රටේ එක්සේසත් කම නිරුපද්‍රිතව පවත්වා ගැනීමට එදා සිටි පාලකයන්ට හැකි විය.

දෙවන පෑතින් රජදවස සිදුවූ මහින්දාගමනය නිසා අපේ රට තුළ ක‍්‍රමවත් නීති පද්ධතියක් ගොඩනැගුණි. බුදු දහම ලංකාවට හඳුන්වාදීමත් සමග විනය පිටකයට අදාළව අපේ රටේ රාජ්‍ය නීතිය මුල් කාලයේ ගොඩනැගී තිබුණි. මෙය යථාර්ථවාදී දර්ශනයක් හිමි බුදු දහමේ අනුහසින් අපේ පාලකයන් ලද දායාදයකි.
වේවැල් කුටිය සහ බදුලූ ටැම් ලිපිවල මෙරට පැවැති රාජ නීතිය ගැන බොහෝ කරුණු සඳහන් වේ. රාජ නීතිය කොතරම් බුදු දහම හා බද්ධ වී තිබුණේද යත් විහාර භූමියට ඇතුළු වන අපරාධකාරයන්ව ඇල්ලීමට පවා රාජ්‍ය ආරක්‍ෂක නිලධාරීන්ට තහනම් කර තිබුණි. ඒ කෙසේ වුවද දරුණු අපරාධ කරුවන්ට දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතු වූ අවස්ථාවලදී හෙළ රජදරුවන් පසු බට වූයේ නම් නැත.
හතරවන කාශ්‍යප රජතුමාගේ මොරගොඩ සෙල්ලිපියට අනුව දරුණු අපරාධකරුවන් මිනී මරුවන් විහාර ගම්වලට වැද්දගෙන රැකවල් ලබාදීම නුසුදුසු බව පිළිගත හැකිය. ඇතැම් විට මිනීමරුවන් කුමන ස්ථානයක සිටියද ඔවුන් අල්ලා වධයට පමුණුවා ඇත. ඇතැම් විට මිනීමරුවන් සඟවා තබා ගන්නවුන්ට එදා අත්වූ ඉරණම වූයේ රටින් පුටුවහල් කිරීමය.

Maths is awesome.... (ගණිතය හරි සුන්දරයි...)

මතකද 2004 දෙසැම්බර් 26 වෙනිදා.......


සදා අමතක නොවන ඒ සිදුවීම..... ඒ මහා විපතින් මියගිය ප්‍රමානය අති මහත්..... ඇස්තමේන්තු වලට අනුව මිය ගිය ප්‍රමානය 230,000 ඉක්මවයි.......

නමුත්, ඔබ දැන ගෙන සිටියාද? 

 දිනකට ලොකය තුල සිදුවන ලදරු උපත් ගනන..... 384,000
 දිනකට මියයන මිනිසුන් ගනන....... 156,000 
 එනම්.... එක් දිනකදී ලෝක ජනගහනයට එකතුවන ප්‍රමානය......228,000

 සුනාමි වියසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත ගනන පැය 24 කදී නැවතත් ලෝක ජනගහනයට එකතු වී හමාරයි.... දැන් හිතා ගන්න පුලුවන්ද අද වනවිට සමස්ත ජනගහනය කෙතරම් සීග්‍රයෙන් ඉහල යනවද කියල........? මේ සඳහා බලපාන ප්‍රධානම කරුන වන්නේ ජනගහන වර්ධනය පිරමීඩාකාර වර්ධනයක් වීමයි.....

 මේ තත්වය පැහැදිලි කරන්න පුංචි උදාහරනයක් දෙන්නම්....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...