Pages

Showing posts with label Hack. Show all posts
Showing posts with label Hack. Show all posts

Sunday, June 30, 2013

Beware of Trojans (මොනවද මේ Trojan කියන්නේ කියලා දැනගන්න කියවන්න.)

Trojan Horses කියන්නේ මොනද? 
                 ඒවගෙන් අපිට මොකද වෙන්නේ කියලා අපි අද දැන ගමු.


trojan horse alert avast

trojan horse alert kaspersky

                      මේ වගේ දෙවල් ඔයාලා දැකලා ඇති internet එකෙන් Download කරගත්ත Torrent එක, Keygen එක Run කරනකොට....අපිට හිතෙන්නේ Virus Guard  එක නිකම් පිස්සු කෙලිනවා..Virus Guard එක Off කරලා මේක run කරානම් හරි කියලා. (එත් ටිකක් බයයි, Virus Guard එක කිව්වෙ ඇත්තද දන්නෙ නෑනෙ. . .)
             අපි එක Run කරා කියලා අපිට පෙන්න මොකුත් අවුලක් පේන්නෙ නෑ. ඉතින් අපි හිතන්නේ "Virus Guard එක බොරුනෙ කියලා තියෙන්නෙ , .. මේක virus එකෙක් නෙමෙයි Keygen එකක්... මම Run කරලා Software එක Register කරගත්තා කිසි අවුලක් නැ .. Virus එකක් තිබ්බනම් මගෙ Computer එක පිච්චෙන්න එපැයි ,, අඩුම ගානෙ Screen එක රතු පාට වෙලා ලොකු සද්දයක් ඇවිත් බලන් ඉද්දි Files එක එක මැකෙන්න ඕන... බොරු Virus Guard!   මේක Uninstall කරලා දාන්න ඕන" කියලා.

ඇත්තටම මොකද වුණෙ ?? උනේ ඔයාලට Sorry . com වුණා!... කොහොමද වුණෙ කියලා බලමුකො....

ඔන්න අපි කොහොම හරි install වුණ Trojan file එක හොයාගත්තා කියමුකො. ..

Wednesday, June 5, 2013

Cyber War (සයිබර් යුද්ධ)

Cyber war


ලෝකයේ බලවත් රාජ්‍ය තමන්ට එරෙහිව සයිබර් යුද්ධයක් දියත්ව ඇති බව පසක් කොට ගෙන සිටී. ඊට එරෙහිව වැඩ කිරිමට දැනටම ආයතන පිහිටුවා තිබේ. ඉන් කැපි පෙනේන්නේ ඇමෙරිකාවේ US Cyber Com ආයතනයයි.

එහෙත් ඊටත් එහා යමින් අලූත් පරිඝනක ජාලයක් තනන්නට දැන් ඇමෙරිකාව වැඩකරමින් සිටි. ලොක් හිඩ් මාටින් සමාගමේ අනුදැනුම ඇතිව මෙය මෙහෙයවනු ලබන්නේ ඇමෙරිකාවේ ආරක්ෂක පරික්ෂණ ආයතනය(DARPA) විසිනි. අන්තර්ජාලය උපන්නේද මේ ආයතනයේදිය. ඒලෙසම අලුතින් හදන්නට යන්නේ ඇමෙරිකාවේ පරිඝනක ජාල වල ආරක්ෂාව තර කෙරෙන අලුත් ජාලයකි. ඩොලර් කොටි 50 ක් වියදම් කොට නිර්මාණය කරන මේ ජාලයේ නම නැෂනල් සයිබර් රේන්ජ් (National Cyber Range) ය.

"ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( Operation Anti Security)

Operation Anti Security



ඇනොනිමස් සහ ලූල් සෙක් එක්ව 2011-06-20  දින නව එකමුතුවක් තනාගෙන ඇති බව හෙලි කලේය. එය "ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( Operation Anti Security) ය. මෙහි අරමුණ දෙගොල්ලොන්ගේම එකමුතුවෙන් රාජ්‍ය ආයතන , මූල්‍ය ආයතන , ආරක්ෂක ආයතන යනාදිය වෙත හැකිං ප්‍රහාර එල්ල කොට රාජ්‍ය රහස් තොරතුරු සොරාගෙන , එවා මහජනයාට ප්‍රසිද්ධ කිරිමය.මෙහි ආරම්භක ප්‍රහාරය ලෙස බ්‍රිතාන්‍යයේ ඉහලම පොලිස් ආයතනය වන එස් ඕ සි ඒ (SOCA) ට ප්‍රහාරයක් එල්ල කෙරිනි. ඒ 2011-06-20 දාය.

ලූල් සෙක් හැකර්කරුවෝ( LulzSec Hackers)

Lulzsec


ලූල් සෙක් යනුද ඇනොනිමස් වැනිම හැකර් ප්‍රජාවකි. ප්‍රධානියෙක්වත් වගකිවයුත්තෙක්වත් නැත. මොවුන් ඉන්නා බව මුලින්ම පෙනුනේ 2011 මැයි මාසයේදිය. ඒ ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කිරිමත් සමගය...
2011-06-16 දින ඉ-මෙල් එකවුන්ට් වලින් වැදගත් වැඩ කරන කවුරුත් පාහේ භිතියට පත් කිරිමට මොවුන් සමත් විය. එදින ඔවුන් පැවසුවේ ඉ-මෙල් එකවුන්ට් 62000 ක් එවායේ පාස්වර්ඩ් සමග ප්‍රසිද්ධ කරන ලද බවයි.
තමන්ගේ ඒවාත් එතන තිබෙනවද බලන්නට ලින්ක් එකක්ද ලූල් සෙක් හැකර් කණ්ඩායම විසින් ප්‍රසිද්ධ කරන ලදි. මේ වෙබ් ලින්ක් එක ව්ව්ධ වෙබ් අඩවි නැවත ප්‍රසිද්ධ කලේ සර්ච් බොක්ස් එකක්ද සමගිනි. එය මගින් තමන්ගේ වෙබ් ලිපිනය ඒ අතර තිබෙදැයි සොයා බලන්නට අන් අයට හැකි විය.

ලූල් සෙක් හැකිං ප්‍රහාර කිපයක්

Tuesday, June 4, 2013

Anonymous Hackers (ඇනොනිමස් හැකර්කරුවෝ)

ඇනොනිමස් යනුවෙන් හැකින් ප්‍රහාර එල්ල කරන කණ්ඩායම ලොව පුරා විසිර ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඉන්ටර්නෙට් එකතුවක් (internet gathering) සේ හදුන්වයි.ඇනොනිමස් මුලින්ම කරලියට පැමිනෙන්නේ 2010 දෙසැම්බරයේදිය. විකිලික්ස් වෙබ් අඩවිය , නොයෙක් ආණ්ඩු සමග තිබු ඇමෙරිකානු රහස් වැඩ එලිදරවු කල පසු මාස්ටර් කාඩ් , විසා, පේපැල් යන ආයතන විකිලික්ස් අඩවියට සපයන සෙවා නැවැත්විය.ඒ විට මේ වෙබ් අඩවි සියල්ල වෙත මහා හැක්ං ප්‍රහරයක් එල්ල විනි. ඒ විකිලික්ස් වෙබ් අඩවියට සහය පල කරමිනි. ඇනොනිමස් යන නමින් මේ වැඩ ඇරබීය.


annonymous hacker
තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා පොදුවෙ යම් වැඩකට එක් වෙන වෙලාවල් වලදි සියලු දෙනා එකම වෙස් මුණක් පැලද සිටිම බටහිර සම්ප්‍රදායකි. ඒ වෙලාවට බොහො දෙනා පලදින්නේ 16 වැනි සියවසේදි එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණ රණශුරයෙකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මූහුණකි. ඇනොනිමස් විඩියො වල සිටින හැකර් කරුවෝ බොහො විට ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මූහුණු පැළද සිටිති.

Monday, June 3, 2013

Hacking and Hackers

හැකිං සහ හැකර්කරුවෝ.....(Hacking and Hackers)

hackers and hacking

හැකිං ( Hacking )කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මග හැර ගොස් , එම පද්ධතියට ඇතුලු විමයි.මෙය සෑම රටකම පාහේ නිති විරොධිය.
 එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නිතිමය අවසරයක් ඇතිව , දැනට තොරතුරු ජාල වල ඇතිවි තිබෙන දෝෂ මගහැරවිමේ උපක්‍රමයක් ලෙස එහි ආරක්ෂක යන්ත්‍රණය මග හැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (Ethical hacking)කියන්නේ එයටය. 
මෙසේ ආරක්ෂක යන්ත්‍රණ මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (Hacker )ය.නරක චේතනාවෙන් එසේ කරන්නා " බ්ලැක් හැට් හැකර් " ( Black Hat Hacker) ද , යහපත් චේතනාවෙන් එසේ කරන්නා " වයිට් හැට් හැකර් " ( White Hat Hacker)  ලෙසද හදුන්වයි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...