Pages

Showing posts with label IT hits.... Show all posts
Showing posts with label IT hits.... Show all posts

Thursday, November 6, 2014

Easy way to create a Website(පහසුවෙන් ඉතා මනරම් වෙබ් අඩවි සාදාගත හැකි)----->Pikock

මෙම වෙබ් සේවයෙන් දෙන themes සහ tools යොදා ගෙන drag & drop ක්‍රමයට වෙබ් අඩවි තනා ගන්නට පුලුවන.ඒ සදහා කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැත.
(www.pikock.com) 


Tuesday, June 18, 2013

IT Hitz.....Flash Drive වල හැදෙන අමුතු ෆයිල්ස් වල හැසිරීම!


ඔයාලා දැකල ඇති පරිගණකයට සම්බන්ධ කළ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(Pen Drive,Flash Drive) තුළ අප ඇතුලු කරන දත්තවලට අමතරව වෙනත් නම් වලින් (fun.exe, pen.exe, download.exeවැනි ) ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සෑදෙනවා.මේවා සමහරවිට delete කරත් නැවතත් සෑදෙනවා.ඒවගේම සමහර ෆෝල්ඩර්ස් සාමාන්‍ය විදිහට double click කළ විට open වෙන්නෙත් නෑ.ඒවා open කර ගන්නෙ කොහොමද?

                         ෆ්ලෑෂ් ඩ්‍රයිව් සහ පරිගණකය තුළ ෆ්ලෑෂ් ඩ්‍රයිව් මගින් පැතිරෙන ඔටෝ රන්(Auto run) වර්ගයේ වයිරස් වැඩසටහන් ක්‍රියාත්මකවීම මීට හේතුවයි. මේවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල ඇති ඔටෝ රන් පහසුකම ඔස්සේ ක්‍රියාත්මකවෙනවා. මෙම වයිරස් ඇති විට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකෙහි autorun.inf ලෙස ෆයිල් එකක් දැකිය හැකියි. මෙම දෝෂ මගහරවා ගැනීම සඳහා පළමුව පරිගණකය සහ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක නියම ඇන්ටිවයිරස් වැඩසටහනකින් (Kaspersky, Sym-entec Norton, McAfee, AVG, Sophos..වැනි ) ස්කෑන් කොට එහි ඇති වයිරස් ඉවත්කරගැනීමට උත්සාහකල යුතුයි.
               

Sunday, June 16, 2013

Valuable Phone Codes

Service codes BenQ:
  • Software version:       *#300#
  • Test mode:         *#302*20040615#

Service codes Pantech:
  • Software version:       *01763*79837#
  • Service menu:         *01763*476#
  • Reset defaults (phone/user code reset to default):      *01763*737381#

Service codes VK-Mobile **x, 5xx:
  • software version:              *#79#
  • software version:          *#837#
  • service menu:          *#85*364# (hold #)

Service codes VK200, VK2000, VK2010, VK2020, VK4000:
  • software version:            *#79#
  • service menu:               *#9998*8336# (hold #)
  • reset defaults (phone/user code reset to default):           *#9998*7328# (hold #)

Service codes LG:
  • software version:             2945#*#
  • KG300 NVRAM format:           2945#*# -> menu 15
Service codes Sony-Ericsson:
  • J100 software version:           #82#

Valuable Phone Codes


All China

default user code:  1122, 3344, 1234, 5678


  • *#66*#  - Set Factory Mode CONFIRMED
  • *#8375#  - Show Software Version CONFIRMED
  • *#1234#  - A2DP ACP Mode CONFIRMED
  • *#1234#  - A2DP INT Mode CONFIRMED
  • *#0000# + Send :     Set Default Language CONFIRMED
  • *#0007# + Send :     Set Language to Russian CONFIRMED
  • *#0033# + Send :     Set Language to French CONFIRMED
  • *#0034# + Send :     Set Language to Spanish CONFIRMED
  • *#0039# + Send :     Set Language to Italian CONFIRMED
  • *#0044# + Send :     Set Language to English CONFIRMED
  • *#0049# + Send :     Set Language to German CONFIRMED
  • *#0066# + Send :     Set Language to Thai CONFIRMED
  • *#0084# + Send :     Set Language to Vietnamese CONFIRMED

Thursday, June 6, 2013

මොබයිල් එකේ විස්තර දැන ගමු ද

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් වල ඉතිරි කොටසයි මේ.........


එල් ජී දුරකතනවල සීක්‍රට් කෝඩ් (LG)


  • 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
  • *#07# - මෙමඟින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.

  • 86861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කළ හැක.


Wednesday, June 5, 2013

මොබයිල් එකේ විස්තර දැන ගමු ද

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් මෙන්න!.....


මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතරව තවත් බොහෝ තාක්ෂණික තොරතුරු කන්දරාවක් සපයනවා. මේ වගේ සඟවා ඇති තොරතුරු නැත්නම් සීක්‍රට් ඩේටා(Secret data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තියෙනවා.මේවා තමයි සීක්‍රට් කෝඩ්(Secret code) කියන්නෙ.

ෆෝන් එකේ වර්ගය අනුව මේ කෝඩ් වෙනස් වෙනවා.

මේ තියෙන්නේ වර්ග කීපයක සීක්‍රට් කෝඩ්...

නොකියා ෆෝන් වල(Nokia)...


  • *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණූ දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබාගත හැකිය.
  • *0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.
  • *#7780# - කර්මාන්ත ශාලාවේ දී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකස තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
  • 0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් තද කර ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමු වෙයි.
  • *#06# - IMEI අංකය බලා ගත හැකිය.


Tuesday, June 4, 2013

IT hits.....පරිගණක මිසදිටුකම්

පරිගණකයක් ළඟ කාන්දම් තියෙන එක ගැන මොකද හිතන්නෙ??

හැම උපාංගයකටම නෙවෙයි කලින් තිබුනු ෆ්ලොපි ඩිස්ක්වලට නම් කාන්දම් හොඳ නැහැ. ඉතා ප්‍රබල කාන්දමක්(99% කාන්දම්) ෆ්ලොපි ඩිස්ක් එකක් අසලට ගෙන ආවොත් එය නැවත ප්‍රයෝජනයට ගත නොහැකි සේ විනාශ වී යයි.එහෙත් Flash drive හෝ SD card හෝ Compact Flash Memory Card මෙසේ කාන්දම් නිසා විනාශ වෙන්නේ නැහැ. මන්ද කාන්දම් හෝ කාන්දම් වලට සංවේදී ප්‍රධාන උපාංග ඒවායේ නැති බැවිනි.

Hard drive වල කාන්දම් වලට සංවේදී කොටස් තිබේ. එසේම Hard drive වල තොරතුරු රැඳෙන්නේ චුම්භක තට්ටුවක් මත කෙරෙන වෙනස්කම් ඇසුරෙනි.ඒත් එහි රඳවා තිබෙන තොරතුරු මකා දමන්නට එදිනෙදා ජීවිතයේදී හමුවන සාමාන්‍ය කාන්දම් වලට බැරිය. එය කළ හැක්කේ ඒ සඳහා විශේෂයෙන් සැකසූ කාන්දම් වලින් පමණයි.

IT hits.....පරිගණක මිසදිටුකම්

ස්ක්‍රීන් සේවර්(Screen Saver) ආවේ මෙන්න මෙහෙමයි..

කලින් තිබුන මොනොක්‍රෝම් මොනිටර් වල එකම ඉමේජයක් ඉතා දීර්ඝ කාලයක් පෙන්වමින් තිබුණහොත් එතැන පිළිස්සීමක්(Phosphor burn) ඇතිවුණා. එය වළකාලන්නට එකම ඉමේජයක් නොව සියලුම පික්සෙල් ක්‍රියාත්මක වෙන තාලයේ සක්‍රීය ඉමේජයක් යොදවන්නට ඕනෑ වුණ නිසා ස්ක්‍රීන් සේවරය (Screen Saver) බිහිවුණා.එහෙත් දැන් තිබෙන පරිගණක වලට ස්ක්‍රීන් සේවර් ඕන නැහැ.ඒවා සකසා තිබෙන්නේ වැඩ නොකරන විට ඉබේම තිරය අක්‍රිය වෙන සේයි.

Saturday, June 1, 2013

IT hits.....පරිගණක මිසදිටුකම්

තවත් කොම්පියුටර් මිසදිටුකම් කීපයකින් තමයි අදත් ඔයාලව දැනුවත් කරන්න හිතුවෙ......මේවා පොඩි පොඩි දේවල් වුනත් නොදන්න අය දැනුවත් වෙනවානම් ඒකම ලොකු දෙයක්නෙ...ම්ම්ම්...



  • Flash Drive එකක් Eject නොකොට ගැලවුවොත්??..


ඕනෑම USB උපාංගයක් පරිගණකයෙන් ගලවන්නට කලින් task bar එක මත තිබෙන 'Remove Hardware' අයිකනය මත ක්ලික් කොට ලැබෙන popup window එකෙන් නිවැරදි උපාංගය තෝරා 'Eject' කරන්න ඕන කියන අදහස මුල් බැස ගත්ත අදහසක්.එහෙම කරේ නැත්නම් USB උපාංගයේ රැඳවූ තොරතුරු විනාශවෙන්නට පුලුවන් බව හෝ දෘඩාංග කොටස් වලට හානි වෙන්නට පුලුවන් බව කියවෙන පණිවුඩයක් Windows OS එකේදි මතුවෙනවා.

USB Flash Drive එකකට යම් ගොනුවක් කොපි කරනකොට එය සම්පූර්ණයෙන්ම කොපි වී අවසන් වූවාට පසු Flash Drive එක එකවරම එළියට ඇද ගත්තාට එහි තොරතුරු හානි වෙන්නේවත් පරිගණකයට කිසි හානියක් වෙන්නේවත් නැහැ.ඒ වුණත් පරිගනකය සමඟ දත්ත හුවමාරු වෙමින් තියෙද්දී USB Flash Drive එක එළියට ඇද ගත්තොත් දත්ත සියල්ල හෝ කොටසක් හෝ නැතිවී යාමේ අවධානමක් තිබෙනවා.සමහරවිට නොදැනුවත්කම නිසා මේ දේවල් වලට ඔයාලා මුහුණ දීලා ඇති...ඒ විතරක් නෙවෙයි USB උපාංගයටත් මෙයින් හානියක් වෙන්න පුලුවන්.ඒ වුණත් මේ නිසා පරිගණක පද්ධතියට කිසි හානියක් වෙන්නේ නැහැ..

Wednesday, May 29, 2013

IT hits.....පරිගණක මිසදිටුකම්

මේකෙන් ඔයාලට කියන්න යන්නෙ පරිගණක භාවිතය ගැන පරිගණක පාවිච්චි කරන්නන් අතරම තිබෙන වැරදි මත ගැනයි.මේ පිළිබඳව විවිධ මතවාද අපිට අහන්න ලැබෙනවනෙ.මේවාගෙන් බොහොමයක් හරියටම හරි නැති වුනත් ඒවා අකුරටම පිලිපැදිය යුතුත් නැහැ.ඒත් සමහර අදහස් හොදටම වැරදියි.එවැනි අදහස් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ...

  • Shut down නොකොට පරිගණකය "off" කරොත්??

         පරිගණකයක් switch එකෙන් off කරා කියල පරිගණකයට හානියක් වෙන්නෙ නැහැ.නමුත් machine එක ක්‍රියාත්මක වෙමින් තිබියදී එය බලෙන් වසා දැම්මොත් ඒ වෙනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩසටහන් වල කොටස් save නොවෙන්නට පුලුවන්.
මේක හරියට Flash drive එකක් බලෙන් ගැලවුඑ විට වෙන දේට සමානයි.
        දැන් තියෙන අලුත් පරිගණකයක on/off switch ක්‍රියාත්මක වෙන්නේ ද සාමාන්‍ය shut down විධානය ක්‍රියාත්මක වෙන පිලිවෙලටමයි.එනම් on/off switch එක press කල සැනින් පරිගණකයට තිබෙන විදුලි සම්බන්ධතාව කපා හරෙන්නේ නැත.ඒ වෙනුවට කෙරෙන්නේ සාමාන්‍ය විදියටම පරිගණකය shut down වීමට විධාන නිකුත් කිරීම පමණි.

Sunday, May 19, 2013

IT hits.....පරිගණක මතකය මනින ඒකක ගැන දන්නවද??


පරිගණක මතකය එහෙමත් නැත්නම් computer memory  එක මැනීමටත් ඒකක පාවිච්චි කරනවා කියලා ඔයාලා හැමෝම දන්නවනෙ. 

kilobyte(kB), megabyte(MB), gigabyte(GB), terabyte(TB) ගොඩක් අය මේ ඒකක 4 ගැන නම් අනිවාර්යෙන් දන්නවා ඇති.

මීටත් එහා ගිය අති විශාල මතකයන් ප්‍රකාශ කරන්න තමා ඒවා පාවිච්චි කරන්නෙ.ඒ නිසා මේවා අපට අහන්න ලබෙන්නෙ කලාතුරකින්.

Tuesday, May 7, 2013

IT hits.....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ...


අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ....ඔයාලා දන්නවද Software එකක් use කරන්නෙ නැතුව Explorer window  එකකට background image එකක් set කරන්න.ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි... 

Sunday, May 5, 2013

IT hits.....Smart Phones ගැන අපි මොනවද දන්නෙ?......


Smart Phones ගැන අපි මොනවද දන්නෙ?......
ඇත්තටම අද බොහෝ දෙනෙක් Smart Phones පාවිච්චි කරනවා,ඒවා ගැන කතාකරනවා..බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ Smart Phone එකක් අරන් Smart වෙන්න.හැම Smart Phone එකක්ම Smart වෙන්නෙ ඒකෙ තියෙන OS එක අනුව.අන්න ඒ නිසා Smart Phone අරන් Smart වෙන්න කලින් මේවගෙ OS ගැන ටිකක් දැන ගත්තොත් හොඳයි නේද.....ඒක පාවිච්චි කරන නොකරන කාට වුණත් වටිනවා.


වෙළඳ නාම සිය  ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා  සපයන  සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා  ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල  එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ  අතලොස්සකි.ඊට හේතුව Mobile OS  තිබෙන්නේ කීපයක් නිසාය.

දැනට තිබෙන OS වලින් ගොඩක් ප්‍රසිද්ධ මෙන්න මේවායි.

  • Google Android
  • Nokia Simbian
  • Apple iOS 
  • Reem Blackberry
  • Microsoft Windows phone
  • HP Web OS
  • Linux MeeGo

IT hits.....මේ ගැනත් හිතන්න!!


සාමාන්‍යයෙන් අලුතින්ම පරිගණකයක් ගන්නවාට වඩා පාවිච්චි කල පරිගණකයක් ගැනීම ලාබදායී වෙනවා.නමුත් එහි ගුණාත්මක බව ගැන ඔබ සිතුවාද....? 
මේ පිළිබඳ නොදන්නාකම නිසාවෙන් බොහෝ අය වංචා වලට පවා රැවටෙනවා.අන්තිමේට සිදුවෙන්නේ අලුතින් පරිගණකයක් ගන්නවාට වඩා වියදම් කර අලුත්වැඩියා කිරීමට සිදුවීමයි.
ඉතින් අද අපි කතාකරන්න යන්නේ පාවිච්චි කල ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවද කියලා.....

IT hits.....recovery software??


අපි අද කියන්නේ පරිගණකය සමඟ වැඩ කරන විට අප අතින් කිසියම් ගොනුවක්(folders.files..) අත්වැරදීමකින් හෝ වෙනත් විදිහකට delete වෙන්න පුලුවන්.ඒ නිසා තමා එම delete කරන ලද ලිපිගොනු එකවරම පරිගණකයෙන් ඉවත් නොකොට Recycle Bin එක තුලට යවන්නේ.එතකොට අපිට බයවෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ Recycle Bin එකෙන් අපිට එය නැවත restore කරගන්න පුලුවන් නිසා.හදිසියේ හරි Recycle Bin එකෙනුත් delete කරලා නම් එය නැවත ලබාගන්නට බැරිද?................

              ඒත් පුලුවන් ලබාගන්න.හැබැයි වෙනත් මාර්ගයකින්.මේ වෙනකොට පරිගණකයෙන් එම files ස්ථීරව ඉවත් කර ඇති නිසා මේ සඳහා recovery software කියා හඳුන්වන විශේෂ පරිගණක වැඩසටහන් යොදාගන්න පුලුවන්.මේ ගැන ගොඩක් අය දන්නවා ඇති,කරලත් ඇතී. එහෙත් එයින් ලබාගත හැකි සීමාවක් තිබෙනවා..එම සීමාව රඳ පවතින්නේ ඩිලීට් කල file වල ස්වභාවය හා recovery software එකේ හැකියාවන් අනුව. "Recuva(රෙකුවා)" කියන්නෙ එවැනි හොඳ වැඩසටහනක් කියා පිලිගන්නවා.එය www.piriform.com/recuva යන වෙබ් අඩවියෙන් නොමිලේ download කරගන්න පුලුවන්.
මේ වන විට ඔයාල ඒ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔබේ අත්දැකීම් හැමෝටම කියන්න අනිත් අයටත් දැනගන්න.

Monday, April 29, 2013

IT hits.....iPhone ගැන ටිකක්...



අයිෆෝන් කියන්නෙ කෙටි කාලයකින් ශීඝ්‍රව පැතිරුණු ජංගම දුරකථනයක්...අපේ මීලග පැනය ඒ හා සම්බන්ධ දෙයක්.

  • උදාහරණයක් විදිහට ඇපල් අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් පරිගණකයට සම්බන්ධ කිරීමට එම පරිගණකයට අයිටියුන්ස්(iTunes) ඩවුන්ලෝඩ් කළ යුතුයි. වින්ඩෝස් 7 පරිගණකයකට අයිටියුන්ස් ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කොට ක්‍රියාත්මක කිරීමේදී "iTunes was not installed properly. Please re-install iTunes. (Error 7)" යන පණිවුඩය දිස් වේ.මෙම දෝෂය මඟහරවා ගන්නේ කෙසේද කියා අපි බලමු.


ඉහත පරිදි එකක් දිස් වීමට හේතුව අයිටියුන්ස් ඉන්ස්ටෝල් වීමේදී වරදක් සිදුව තිබීම නොවේ.
වින්ඩෝස් 7 වල ඉන්ස්ටෝල් වෙලා තියෙන සංස්කරණය අයිටියුන්ස් සඳා නොගැළපීම මීට හේතුවයි.

ඒ නිසා කළ යුත්තේ අයිටියුන්ස් මෘදුකාංගය අන්ඉන්ස්ටෝල් කොට වින්ඩෝස් 7 සඳහා ගැළපෙන Windows7:Microsoft.NET Framework 4.0 පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමයි. එය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට www.microsoft.com/downlaod/en/details.aspx?id=17851 වෙබ් අඩවියෙන් ඔයාලට හැකිවේවි!

හමුවෙමු නැවතත් IT Hitz තුළින්..........

IT hits.....බීප් නාදය අනුව laptop එකෙ දෝෂය හඳුනා ගමුද....

                        පරිගණක පැන විසඳුම් ආශ්‍රයෙන්......ඔබගේ පරිගණක දැනුමට මේ විශේෂාංගය එක්කරන්නේ පරිගණක ක්ෂේත්‍රයට කැමති ඔයාලා සඳහාමයි.
පොත් සඟරා කියවීම අපි අතරින් ටික ටික ඈත්වෙලා ඒ වෙනුවට PC,laptop,tablet, I phone වගේ දේවල් පාවිච්චිය වැඩිවෙලා කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.මේවත් නරක දේවල් නෙවෙයි ඒ දේවල් වැදගත් විදිහට පාවිච්චි කරනවනම්.ඉතිං තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකෙම ඉදිරියට යද්දි අපිට විතරක් එක තැන බලන් ඉන්න බැහැනෙ..අපිටත් මේ දේවල් ඉගෙන ගන්න වෙනවා.ඒකට ඕනෑ තරම් දේවල් තියෙනවා අන්තර්ජාලයේ.හැබැයි ඉතින් සිංහලෙන් තියෙන්නේ අඩු ප්‍රමාණයක්..ඒ නිසා මේ විශේෂාංගය අපේ blog එක කියවන හිතවතුන්ට උදව්වක් වෙයි කියලා හිතනවා පරිගණක සාමාන්‍ය දැනුමට.වැඩක් නැති දේවල් වලට කාලය,මුදල් ගෙවන වෙලාවේ ඔයාලා දන්නෙ නැති එක දෙයක් හරි මේක කියවලා දැනගත්තනම්..ඒක තමා අපේ සතුට...කියවලම බලන්නකෝ....



  • ලැප්ටොප් එකක් පාවිච්චි කරන ඔයාලට සමහරවිට මේ දේට මූණ දෙන්න වෙලා ඇති.ඇතැම් අවස්ථා වල එය ක්‍රියාත්මක කරන විට බීප් හඬක් ඇසිලා ඇති.නැති උනත් එහෙම වෙන්න ඉඩ තියෙනවනෙ.              අපි බලමු මොකක් නිසාද එහෙම වෙන්නෙ කියලා.මේක අපි හිතන තරම් පොඩි දෙයක් නම් නෙවේ බීප් හඬ ඇසෙන වාර ගණන අනුව දෝෂය වෙනස් වෙනවා.බීප් හඬෙහි වාර ගණනින් හෝ පරිගණකයේ ඉදිරිපස ඇති බල්බ දැල්වෙන වාර ගණනින් අපට දෝෂයේ ස්වභාවය දැනගන්න පුලුවන්.ඉන්පසු අවශ්‍ය පිළියම් යෙදිය යුතුයි.


බීප් හඬ හෝ බල්බ දැල්වෙන වාර ගණන දැල්වෙන බල්බය පරීක්ෂා කළ යුතු උපාංගය දෝෂය
දිගටම දැල්වී තිබීම Battery power LED Battery බැටරිය ආරෝපණය වෙමින් පවතී
                    1 Caps Lock/Num Lock CPU CPU දෝෂ සහගතය
                    2 Caps Lock/Num Lock BIOS BIOS වල දෝෂයකි
                    3 Caps Lock/Num Lock Memory RAM දෝෂයකි
                    4 Caps Lock/Num Lock Graphics Graphics කාඩ් එකෙහි දෝෂයකි
                    5 Caps Lock/Num Lock System board මවු පුවරු දෝෂයකි
                    6 Caps Lock/Num Lock BIOS BIOS දෝෂයකි
නොනැවතී  ON/Off වීම AC power adapter LED Power adapter විදුලි බලය ප්‍රමාණවත් නැත

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...