Pages

Showing posts with label New Technology. Show all posts
Showing posts with label New Technology. Show all posts

Friday, June 7, 2013

ක්‍රෙඩිට් කාඩ් වංචාවට විසඳුමක්! VISA CodeSure


විශ්වාස කරනවද මෙය,ඩිජිටල් ඩිස්ප්ලේ එකක් ඇති ක්‍රෙඩිට් කාඩ් එකක්..

LCD display එකක් ඇති අමුතු පන්නයේ ක්‍රෙඩිට් කාඩ් එකක් දැන් යුරෝපා රටවලදී භාවිතා කෙරේ.වීසා(Visa) ක්‍රෙඩිට්,ඩෙබිට් හෝ ෂොපින් කාඩ් වශයෙන් නිකුත් කරන මේ කාඩ් එකෙහි විශේෂත්වය වෙන්නේ පොදු කාඩ් අංකයක් වෙනුවට සෑම ගණුදෙණුවකදීම අලුත් අංකයක් නිර්මාණය කොටදීමයි.

සාමාන්‍ය ප්‍රමාණයේම ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන මෙහි, අත්සන යොදන තීරුවට ඉහලින් අංක අටක් සටහන් කළ හැකි, පික්සෙල් 48 x 8 ප්‍රමාණයේ LCD display එකක් තිබේ.ඊට පහළින් ඉලක්කම් සහිත බට්න් යතුරු ඇති පුවරුවකි.එම යතුරු වලින් ක්‍රෙඩිට් කාඩ් එකෙහි අංකය සටහන් කළ විට එය ස්ක්‍රීනයේ පෙන්වයි.දැන් එය තහවුරු කිරීමේ බොත්තම එබූ විට අලුත් අංකයක් එම තිරය මත පෙන්වයි.එය මේ වෙලාවේ ගනුදෙනුව සඳහා ක්‍රෙඩිට් කාඩ් අංකය වෙනුවට භාවිතා කළ හැකි අංකයකි.

Sunday, June 2, 2013

New Technology.....දන්නවද කතා බහ කරන පෝස්ටර් ඇවිත්!!

මේ අපේ බ්ලොග් එකට අලුතින් එකතුවෙන විශේෂාංගයක්! ඒ තමයි "නව තාක්ෂණය" හෙවත් "New Technology" විශේෂාංගය...නව තාක්ෂණයෙන් උපදින අරුම පුදුම නව නිපැයුම් ගැන ඔයාලත් දැන ගන්න ආස ඇතිනෙ.මෙන්න ඒකට අවස්ථාවක්!....එකතුවෙන්න නව තාක්ෂණයත් එක්ක....



දන්නවද කතා බහ කරන පෝස්ටර් ඇවිත්!!
ලිස්නිං පෝස්ට්(Listening Post)


පසුගියදා බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් ප්‍රදේශයේ දැන්වීම් පුවරුවල සංගීත නාද වැයෙන අමුතුම පන්නයේ පෝස්ටරයක් අලවාතිබුණි. එය සංගීත සංදර්ශනයක් ගැන කියන්නට සැකසූවකි. මෙම පෝස්ටරයේ තිබෙන කුදා තම්බ්නේල් ඉමේජය මත ඇඟිල්ල තැබූ විට සංගීත නාදයක් වැයෙන්නට පටන් ගනී. එය සංගීත සංදර්ශනයකදී වැයෙන සංගීත ඛණ්ඩයකි.එය අසා කැමතිනම් පෝස්ටරයේ තවත් තැනක ඇඟිල්ල තැබිය යුතුය.එවිට අංකයක් කියවෙයි.ඒ ප්‍රසංග ශාලාවේ පුටු අංකයයි.දන් ඒ පුටුව ඇඟිල්ල තැබූ තැනැත්තා වෙනුවෙන් කලින්ම වෙන් කෙරේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...