Pages

Showing posts with label fun stories. Show all posts
Showing posts with label fun stories. Show all posts

Saturday, July 20, 2013

පවුල සහ කාරය

ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති වටිනාම සහ දුර්ලභම මොටර් රථය මිලදි ගත්තා. මේ මොටර් රථයේ ටියෙන විශේෂත්වය තමයි කටහඩින් පාලනය කල හැකි විම.

බිරිද: මේ එයි දැන් ඉස්කොලෙන් ලමයි දෙන්නව එක්කන් එන්න වෙලාව හරි.
සැමියා: (ආඩම්බර්යෙන් මේ කටයුත්ත කාරයට බාර දෙයි. ) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කොලේ ලගට ගිහින් මගේ ලමයි ටික අරන් එන්න.

කාරය: හරි සර්.

පැය 2ක් පරක්කු වුවත් කාරය තාම නැත.

මිටියේ අභිරහස

ද්විත්ව මිනීමැරුම් චෝදනාවකට ලක්වූ පුද්ගලයෙක් උසාවියේ විත්තිකූඩුවේ සිටගෙන සිටියේය.

“තමුන්, තමුන්ගේ බිරිය මැරෙන තෙක් ඇයට මිටියකින් පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තියෙනවා” යැයි විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේ උසාවි ශාලාවේ පිටුපස අසුනක සිටි පුද්ගලයෙක් “අවජාතකයා!” යයි කෑගැසුවේය.

විනිසුරු ඔහුගේ කාර්යය දිගටම කරගෙන යමින් “තමුන්, තමුන්ගේ දියණිය මිය යන තුරු ඇයට මිටියකින් පහර දුන් බවටත් චෝදනාවක් තියෙනවා” යැයි කියා සිටියේය.

එවිට, නැවත වතාවක් උසාවි ශාලාවේ පිටපුස අසුනකින් “උඹ පරයෙක්! අවජාතකයෙක්!” යනුවෙන් කෑගසනු අසන්නට ලැබිණි.

වේග පුහුණුව

නුවන් කියවීමට හරිම දුර්වලයි. ඒ අතින් ඔහු හැමදාම පන්තියෙ අන්තිමයා. අනිත් ළමයි සේරම නවකතා පොත් ආදිය වේගයෙන් කියවද්දී නුවන්ට පෙළ පොතක් පාඩමක්වත් වේගයෙන් කියවන්න බැරි වුණා.

පන්තිය බාර ගුරුතුමී මේකට පිළියමක් යෝජනා කළා. ඔයාට වේගෙන් කියවන්න පුරුදු වෙන ක්‍රමයක් මං කියලා දෙන්නං. ගෙදර ටේප් රෙකෝඩරයක් තියෙනවාද ?

ඔව් මිස් තියෙනවා

තට්ට ගෑනු


නිලූකා හට තම සැමියා පිළිබඳව පැවතියේ බලවත් සැකයකි.තනිවූ වහාම ඔහු අන් අඟනන් ඇසුරු කරතැයි ඇය නිරන්තරයෙන් සිතුවාය.එසේ සිතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාට ඇනුම්පද කියන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තාය.සෑම දිනකම හවස ඔහු නිවෙසට පැමිණි පසු ඔහුගේ කලිසම් කමිස පිරික්සා බලා කෙසේ හෝ දිග කෙස් ගසක් සොයා ගෙන තම සැමියාට අවලාද කීවාය.සාප කරමින් බැණ වැදුණාය.

එක් දිනක් සවසක මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ඇඳුම් පරීක්ෂා කර බැලුවද ඇය කිසිදු කෙස් ගසක් සොයා ගන්නට අපොහොසත් වූවා ය.ඔහුගේ ඇඳුම් පුටුවක් මතට වීසි කළ ඇය මහ හඬින් හඬන්නට වූවාය.

‘ඒ පාර මොකද යෝදියේ මේ බෙරිහන් දෙන්නේ?’ සැමියා ඇසුවේ කෝපයෙනි.

‘අනේ දෙයියනේ ඒ පාර මේ මිනිහා තට්ට ගෑනු එක්කත් යන්ඩ පටන් අරන්.’

නිලූකා හිසේ දෑත් බැඳ මහ මලකඩ හඬින් විලාප තැබුවාය....

Friday, July 19, 2013

කට්ටියම කලින්ම ගිහින් පෝලිම අල්ලගමුද... ???

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් ‍තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.

ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...
ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
ලෝදිය හැලියේ පැයක් බස්සනවා.ක‍ටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
වැඩේ බරපතලයි නේ..

Thursday, July 18, 2013

සොරෙකුගෙන් පොලිස් පති තුමෙක්ට ලියමනක්......

ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.
කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්
කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා
පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු, තමන්ගේ
ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්
පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්
කොටසකි.

ගරු පොලිස්පති තුමනි,

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...