නිලූකා හට තම සැමියා පිළිබඳව පැවතියේ බලවත් සැකයකි.තනිවූ වහාම ඔහු අන් අඟනන් ඇසුරු කරතැයි ඇය නිරන්තරයෙන් සිතුවාය.එසේ සිතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාට ඇනුම්පද කියන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තාය.සෑම දිනකම හවස ඔහු නිවෙසට පැමිණි පසු ඔහුගේ කලිසම් කමිස පිරික්සා බලා කෙසේ හෝ දිග කෙස් ගසක් සොයා ගෙන තම සැමියාට අවලාද කීවාය.සාප කරමින් බැණ වැදුණාය.
එක් දිනක් සවසක මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ඇඳුම් පරීක්ෂා කර බැලුවද ඇය කිසිදු කෙස් ගසක් සොයා ගන්නට අපොහොසත් වූවා ය.ඔහුගේ ඇඳුම් පුටුවක් මතට වීසි කළ ඇය මහ හඬින් හඬන්නට වූවාය.
‘ඒ පාර මොකද යෝදියේ මේ බෙරිහන් දෙන්නේ?’ සැමියා ඇසුවේ කෝපයෙනි.
‘අනේ දෙයියනේ ඒ පාර මේ මිනිහා තට්ට ගෑනු එක්කත් යන්ඩ පටන් අරන්.’
නිලූකා හිසේ දෑත් බැඳ මහ මලකඩ හඬින් විලාප තැබුවාය....
No comments:
Post a Comment