සුන්දරද සමනල් විය කෙතරම්....
ගෙවුනු කල ඔබ සමඟින් මනරම්....
වින්ඳ දුක් හොදටම ඇති දැන් නම්....
කිම්ද නපුරු උනෙ මට මෙතරම්....
පිරෙවුවා මසිත මත නුපුරුදු ආදරෙන්....
මැකෙවුවා දුක් කඳුලැලි මා නෙතින්....
විඳෙවුවා නැවත ඔබගේම වෙනසින්....
ඇහැවුවා හීනෙන් පවා මේ ගැන ඔබෙන්....
සන්සාරේ පුරා පතා එන්නට ඇති....
පෙර කාලෙකත් අප හමුවෙලා ඇති....
පැවසුවත් පෙර එවන් වදන් නිති....
අවසන් හමුවද මේ කියා සිතේ දුටුවිට ඔබෙ අලුත් ගති....
වරදක් ඇති නම් පවසන්න මගෙ තරහක් නෑ....
කලත් මට නපුරුකම් බනින්නට සිත් නෑ....
ඔබට මා එප නම් හැර යන්න කම් නෑ....
ඔබ හොඳින් නම් කොහෙ හිතියත් මත දුක නෑ....
අමතක වෙන්නේ නැතිලු පලමු ආදරය....
උගන්නෙමි ඔබෙන් සැබෑ ආදරය....
නොවෙනස් වන දේලු ලොව වෙනස් වීම....
හදාගන්නම් සිත එවැන්නකි ආදරය.....
No comments:
Post a Comment