Pages

Showing posts with label sinhala nisadas. Show all posts
Showing posts with label sinhala nisadas. Show all posts

Monday, July 1, 2013

දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.....!


දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.....!
ආදරණීය ගුරුතුමනි,
මම රැඳවුම් කඳවුරකින් දිවි ගලවා ගත් අයෙක්මි
මගේ ඇස්.....
කිසිම මනුෂ්‍යයෙකු විසින් නොදැකිය යුතු
උගත් ඉංජිනේරුවන් විසින්..
සාදන ලද විෂවායු කාමර
උගත් වෛද්‍යවරුන් විසින්...
විෂ එන්නත් කරන ලද ළමයින්...
පුහුණු හෙදියන් විසින් මරා දමන ලද බිළිඳුන්....
උසස් විද්‍යාලවල උගත් ශිෂ්‍යයන් හා
විශ්ව විද්‍යාලවල උගත් උපාධිධාරීන් විසින්....
වෙඩි තබා පුලුස්සා දමන...
කාන්තාවන්ගේ හා අත දරුවන්ගේ....
මළ සිරුරු දැක්කා.........
දැන් මට අධ්‍යාපනය ගැන සැකයි........!
මගේ ඉල්ලීම,
ඔබෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට,
මානුෂික වීමට උපකාර කරන්න.........
ඔබේ උත්සාහය කිසි විටෙකත්,
උගත් රාක්ෂයින්,
කුසලතා පිරිපුන්..
මනෝ විකෘතිකයින්,
උගත් අයිචිමාන්වරුන් බිහිකිරීමට,
හේතු නොවේවා....!
කියවීම ලිවීම වැදගත් වන්නේ........
ඒවා අපේ දරුවන්ට,
වඩාත් මානුෂික වීමට.........
මඟ පෙන්වන්නේ නම් පමණි....

                               (නිර්ණාමිකයී)

බ්‍රිතාන්‍යයේ බ්‍රඩ්පෝඩ් ද්විතියික පාසලේ දැන්වීම් පුවරුවක පළවූවකි....

Saturday, April 13, 2013

Sinhala nisadas (part3) and kawya



Sinhala nisadas (part 2)

මේවා මගෙ යාලුවෙක් ලියපුවා.... තව ගොඩක් එවා තියෙනවා එයා ලියපුවා.... එවත් පුලුවන් විදියට දාන් නම්.... එයාට තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න Support එකක් විදියට මේ ගැන ඔයලාගෙ අදහස් මේ බ්ලොග් එකේ දාන්න....






Sinhala nisadas (part one)


මේවා මගෙ යාලුවෙක් ලියපුවා.... තව ගොඩක් එවා තියෙනවා එයා ලියපුවා.... එවත් පුලුවන් විදියට දාන් නම්.... එයාට තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න Support එකක් විදියට මේ ගැන ඔයලාගෙ අදහස් මේ බ්ලොග් එකේ දාන්න.....





Sunday, April 7, 2013

අහිමි නුඹ



කවි පදයක් අමතක වූ විට
නෙතත් නිදිබරව රැය ගෙවෙනවා....
කවි පදයක් අමතක වූ විට...
ලඟ උන්නත් දුරස් බවක් හැඟෙනවා....
නිදිබරව රැය ගෙවෙනා විට...
ඔබත් ඇවිදින් හෙමිහිට....
අවිහින්සක මගේ හිත රිදවනවා...
දෝත පා දුන්නත් ආදරය මගේ....
නුඹ එය සෙල්ලමක් සේ තැකුවා....
දුරකට ගිහින් හැඩෙව්වත් මා සිත....
ඔබටම සිතින් පෙම් කරමි මතු හැමදාමත්!....


                                                                                                                                     ~අචී~

හැඟුම්....



නීල කඳු හෙල් නිම්න පසුකර....
සිහිල් මඳනල හමාදෙන්....

සුපිපි කුසුමන් සුවඳ විඳ විඳ....
සකුණ මියැසිය ගියාදෙන්....

නුහුරු හඟුමෙන් විඳ සෙනෙහස....
සිහින ගව් දුර මවාදෙන්...

සසර මතකය මියැදෙමින් යලි....
වසත් කල ඉගිලුනාදෙන්....




                                                                                                                                                                   ~අචී~

නික්ම ගිය නුඹ නමට....



ඇසල නිල් සඳ ...
නැගුන නුබ ගැබ...
නුඹ තරම් හරි පින්බරයි....

නුවර වැව් දිය....
වැටී ඒ සඳ....
නුඹ නමින් සිතුවම් අඳියි....

නුඹට නොදැනෙන...
මගේ සෙනෙහස...
වැවේ දියවර පරදවයි....

ඇසල සඳ නුඹ....
මසිත් අහසින්....
නික්ම ගොස් හිත කළුවරයි...

                                 ~අචී~

Friday, April 5, 2013

කළණ මිතුර....


සෙවනැල්ල පවා ...
අතහැර ගියදා....
තනිකොට අඳුරේ....
නුඹ ළඟ හිටියා....
නිසි ලෙස මඟ පෙන්වා....
මා ළඟ මිතුරේ...
දුෂ්කරය කියා....
අත් හල යුතු නැති....
මේ ජීවිතයේ....
නුඹ ළග හිටියා....


මල් පිපෙනා තුරා....
යලි වස්සානේ.... 



                                ~අචී~

සේපාලිකා මල් වැටිලා....



සේපාලිකා මල් වැටිලා...
සුවඳ දැනුනෙ ඒ මල් වල....
මගේ හිතට විතරක්මද.....?

රාස්සිගේ අවුව වැටුන....
මුළු පන්සල් මළුව පුරා...
ඒ අසිරිය විඳ ගත්තෙත් ...
මගේ දෙනෙත් විතරක්මද....?

නිල් පාටින් ඔය ඇස් දෙක....
දිලිසි දිලිසි හිනැහෙනකොට....
ආදරයේ සුවඳ දැනුනෙ...
මගේ හදට විතරක්මද....?



                                                            ~අචී~

Tuesday, April 2, 2013

සිහිනයකි නුඹ.....




නුඹේ රුව සිත....

මවාගෙන සඳේ සිත්තම් අඳින්නට....

නුඹේ සුවඳම හද හොවාගෙන.....

නෙලුම් විල මල් නෙලන්නම්....

නුඹේ හඬ දෙසවන....

යොමාගෙන විහඟ ගී නද අසන්නම්....

නුඹේ උනුසුම හද....

පුරෝගෙන සිහිනයේ....

නුඹ සොයන්නම්......

                                     ~අචී~

සඳ මාළිගය බිඳී ගියා.....



                                                 හිරු මෙන් පිබිදි ලොවට මගේ....

අඳුර උදාකර සැඟව ගියේ....

ඔබට ලං වී සෙනෙහස ලැබුමට...

මා පෙර කල පිං මදිද ප්‍රියේ....

මහමෙරක් සේ පිදූ සෙනෙහස...

ඇයි ද මේ ලෙස ඉවත දැම්මේ...

හදේ තැනූ ඒ පැතුම් මාලිගා....

දෙපා අභියස බිඳ හෙලූයේ....

                                   ~අචී~


Monday, April 1, 2013

පැතුමක කඳුලු.......



පැතුම් නෙත් මත තියා...
ආදරේ කියාදුන්...
ගෙවී ගිය ඒ යුගය....
ඇත්තටම අමතකද...?

සංසාරේ පුරාවට...
වෙන් නොවෙන්නම් කියූ...
සුපෙම්බර ඒ වදන්....
අනේ කොහි පාවුනිද...?

බිඳුනු දා සිත් පැතුම්....
සිවු දෑස එකතු කල....
පවු පිරූ ඒ දිවිය....
ඉතින් මට කුමකටද...?

                           ~අචී~

Sunday, March 31, 2013

අහිමි වූ ආදරය ......




අමාවකට පෑයූ පහන් තරුව සේ ....
ඔබ මගේ ලෝකයට ආවේ ...
හදාගන්න බැරි විදිහට....

අසරන වෙලා තිබුන මේ හදවතට...
සීතල පැන් බිඳක් සේ.....
සිසිල ගෙනාවේ ඔයාගේ ආදරය...
සත්තකින් මං මටත් වඩා....
ඔයාව විශ්වාස කලා...
එක හිතින් ඔයාට ආදරෙ කලා...


ඒත් නොහිතූ විදිහට....
මගේ හදවතට දුක් දී...
මටවත් නොකියා ඔයා....
මගෙන් වෙන් වුනා...


                                             ~අචී~

මට නුඹ හමු නොවුනා....නම්....!!



පිපී දිලෙන නුඹ මලක් වුනා නම්.....
ගත පහසට නුඹ ගඟක් වුනා නම්...
දුකක් නොවේවී හැමදාමත්....
මට නුඹ හමු නොවුනා නම්....

සඳකට තහනම් කල කවියක්....
නොවුනේ කිම නුඹ කවදාවත්....
ආදරයට සිතිවිල්ලක්වත්....
මතුවන්නට නැහැ කිසිම ඉඩක්....

කියන්න හිතුවත් එක රහසක්....
බයත් හිතෙනවා මට නම් දැන්....
නුඹ ලබන්න මං පිං කෙරුවත්....
නොලැබේ නම් එය මහත් දුකක්....

                                                      ~අචී~

Saturday, March 23, 2013

සිහිනය

නුඹ සිහිනයකි මට
දෙනෙත් පියවෙන 
හෑම මොහොතක
මගේ ලොවටවි හිනෑහෙන.

ඔබ මවන රූ චායා
සුන්දරයි අසීමිතව
ඈහෑරෙන්නටවත් සිත් නොදෙන
මායාවක වසගකර.

සිතෙයි රෑදෙන්නට හෑමදාම
මේ හින අද්දරම
හෑකිනම් හිදින්නට නුඹට
සෑබෑවින්ම මගෙ ලොව.

පෑතුව පෑතුම් බොදවෙලා අද
නුඹ නික්මිලා මටත් නොදෑනිම
දුටු සිහිනයේ අතරමගකදීම
හෙට හිරු නෑගෙන්නටත් මත්තෙන්ම..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...