මේකෙන් ඔයාලට කියන්න යන්නෙ පරිගණක භාවිතය ගැන පරිගණක පාවිච්චි කරන්නන් අතරම තිබෙන වැරදි මත ගැනයි.මේ පිළිබඳව විවිධ මතවාද අපිට අහන්න ලැබෙනවනෙ.මේවාගෙන් බොහොමයක් හරියටම හරි නැති වුනත් ඒවා අකුරටම පිලිපැදිය යුතුත් නැහැ.ඒත් සමහර අදහස් හොදටම වැරදියි.එවැනි අදහස් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ...
- Shut down නොකොට පරිගණකය "off" කරොත්??
පරිගණකයක් switch එකෙන් off කරා කියල පරිගණකයට හානියක් වෙන්නෙ නැහැ.නමුත් machine එක ක්‍රියාත්මක වෙමින් තිබියදී එය බලෙන් වසා දැම්මොත් ඒ වෙනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩසටහන් වල කොටස් save නොවෙන්නට පුලුවන්.
මේක හරියට Flash drive එකක් බලෙන් ගැලවුඑ විට වෙන දේට සමානයි.
දැන් තියෙන අලුත් පරිගණකයක on/off switch ක්‍රියාත්මක වෙන්නේ ද සාමාන්‍ය shut down විධානය ක්‍රියාත්මක වෙන පිලිවෙලටමයි.එනම් on/off switch එක press කල සැනින් පරිගණකයට තිබෙන විදුලි සම්බන්ධතාව කපා හරෙන්නේ නැත.ඒ වෙනුවට කෙරෙන්නේ සාමාන්‍ය විදියටම පරිගණකය shut down වීමට විධාන නිකුත් කිරීම පමණි.