දිනක් වෛද්යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා
"මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේනැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?"
කියා කෑ ගසන්න පටන් ගත්තා.
"සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.
"සන්සුන් වෙන්න....., සන්සුන් වෙන්න...... මගේ ළමයා මැරෙන්න වැටිලා ඉන්නකොට සන්සුන් වෙන්න.... ? ඔයාගේ ළමයට මේක වුණා නම් ඔයා මෙහෙම කරනව ද....? " පියා නැවතත් කලබල කලා.
"කරුණාකරලා වාඩිවෙලා ඉන්න. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා..." කියමින් දොස්තර ඇතුළට ගියා. ටික වේලාවකින් ශල්යකර්මය සාර්ථකව අවසන් කර වෛද්යවරයා එළියට ආවා.
"ඔබේ දරුවාගේ ජීවිතයට අනතුරක් නෑ."
පියා යමක් අසන්න සැරසෙද්දීම "ප්රශ්න තියෙනවා නම් නර්ස්ගෙන් අහන්න." කියමින් දොස්තර පිටත්ව ගියා.
"මොකද ඒ දොස්තර එච්චර ආඩම්බර ? එයාට ඇයි මගේ දරුවාගේ තත්ත්වේ කියන්න බැරි ? ළමයාගේ පියා නර්ස්ගෙන් විමසුවා."
හෙදිය - ඇය ඇස්වලින් කඳුළු වැටෙමින් මෙසේ කිව්වා"ඩොක්ටර්ගේ පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා." අපි කෝල් කරනකොට එයා හිටියේ අවසන් කටයුතුවල. ඔපරේෂන් එක ඉවර කරලා එයා ගියේ ඒ වැඩේ ඉවර කරන්න.
(කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)
No comments:
Post a Comment