Pages

Tuesday, June 18, 2013

IT Hitz.....Flash Drive වල හැදෙන අමුතු ෆයිල්ස් වල හැසිරීම!


ඔයාලා දැකල ඇති පරිගණකයට සම්බන්ධ කළ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(Pen Drive,Flash Drive) තුළ අප ඇතුලු කරන දත්තවලට අමතරව වෙනත් නම් වලින් (fun.exe, pen.exe, download.exeවැනි ) ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සෑදෙනවා.මේවා සමහරවිට delete කරත් නැවතත් සෑදෙනවා.ඒවගේම සමහර ෆෝල්ඩර්ස් සාමාන්‍ය විදිහට double click කළ විට open වෙන්නෙත් නෑ.ඒවා open කර ගන්නෙ කොහොමද?

                         ෆ්ලෑෂ් ඩ්‍රයිව් සහ පරිගණකය තුළ ෆ්ලෑෂ් ඩ්‍රයිව් මගින් පැතිරෙන ඔටෝ රන්(Auto run) වර්ගයේ වයිරස් වැඩසටහන් ක්‍රියාත්මකවීම මීට හේතුවයි. මේවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල ඇති ඔටෝ රන් පහසුකම ඔස්සේ ක්‍රියාත්මකවෙනවා. මෙම වයිරස් ඇති විට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකෙහි autorun.inf ලෙස ෆයිල් එකක් දැකිය හැකියි. මෙම දෝෂ මගහරවා ගැනීම සඳහා පළමුව පරිගණකය සහ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක නියම ඇන්ටිවයිරස් වැඩසටහනකින් (Kaspersky, Sym-entec Norton, McAfee, AVG, Sophos..වැනි ) ස්කෑන් කොට එහි ඇති වයිරස් ඉවත්කරගැනීමට උත්සාහකල යුතුයි.
               

                      ඇතැම් විට මෙම වයිරස් වැඩසටහන් විසින් සකසූ ෆයිල්ස් මකා දැමූ පමණින් ඊට මූලික වූ වයිරස් වැඩසටහන ඉවත් වෙන්නේ නැහැ.එම නිසා එම ෆයිල්ස් නැවතත් සෑදේ.

                     මෙම වයිරස් සකසා ඇත්තේ පරිගණකයේ ෆෝල්ඩර්ස් සඟවා (hide) එම නම්වලින්ම ෆෝල්ඩර්ස් ආකාරයටම පෙනෙන ලෙස වයිරස් ෆයිල්ස් නිර්මාණය කරගත හැකිසේය.එසෙ නැත්නම් සිත්ගන්නාසුලු නම් වලින් ෆෝල්ඩර්ස් හෝ ගොනු පෙන්වන සේයි. මෙසේ වයිරස් වැඩසටහන් තැනීමේ අරමුණ අපගේ සුපුරුදු ෆයිල්ස් ලෙස රවටා එම වයිරස් සහිත ෆයිල්ස් open කරවීමට සැලැස්වීමයි. එවිට එම වයිරස් පරිගණකයට හානිදායක ලෙස ක්‍රියාත්මක වෙයි.

                     ඇන්ටි වයිරස් මඟින් මෙවැනි වයිරස් ඉවත් කළද බොහෝවිට මෙසේ සැඟවුණු ෆෝල්ඩර්ස් නැවතත් පෙනෙන සේ(unhide) සකසන්නේ නැත. එම නිසා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් හෝ attrib-h යන විධාන භාවිතයෙන් වයිරස් වැඩසටහන මඟින් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තුල සඟවා ලූ සැබෑ ෆයිල්ස් unhide කොට ගත යුතුය.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...