හාඩ් ඩිස්ක් එක්ක තොරතුරු රැදවුවත්. CD හෝ DVD එකක තොරතුරැ රැදෙවුවත් ඒවා සදාකාලයටම පවතින්නේ නැත.අඩුම තරමේ අවුරුදු සිය ගනනක්වත් පවතින්නේ නැති වන්නට පුලුවන. නමුත් අවුරුදු කොටි ගනනක් වුවද නොනැසි තිබෙන්නට පුලුවන් සේ තොරතුරු රදවා තැබිමේ ක්‍රමයක් ජපාන විද්‍යාඥයෝ පිරිසක් සොයා ගෙන සිටිති. ඒ බැක්ටිරියාවක් තුල තොරතුරු රැදවිමේ ක්‍රමයකි.
මේ ක්‍රමය සොයාගෙන තිබෙන්නේ ජපානයේ කියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මසාරු ටොමිටා ඇතුළු පිරිස විසිනි.
මෙහිදි මුලින්ම කරන්නේ කෘතිම ජාන කොටසක් හෙවත් ඩ්.ඒන්.ඒ. (DNA) අණුවක් තැනිමය. පරම්පරාවට අදාල තොරතුරැ ජානයක සටහන්ව තිබෙන්නේ විශේෂ නයිට්‍රජනිය භෂ්ම වර්ග 4ක් නොයෙක් රටා වලට රැස්විමේනි.ඒසේ එක් පණිවිඩයක එක ලග පිහිටි භෂ්ම 3ක් හදුන්වනේ කේතයක් නැතිනම් කොඩොනයක්(code) ලෙසයි.
භෂ්ම කේත රටාවක් මගින් ජිවින්ගේ තොරතුරු ජාන තුල ගබඩා වි තිබෙන්නාක් මෙන් කෘතිම DNA අණුවකත් විවිධ තොරතුරු රදවන්නනට පුලුවන.ජපාන විද්‍යාඥයෝ අයින්ස්ටයින්ගේ සමිකරණය වන E=mc2 සහ එය සොයාගත් වසර වන 1905 , "E=mc21905" ලෙස DNA කේතයට සකස් කලහ. ඉන්පසුව එය පසේ සිටින බැක්ටිරියාවකගේ (Bacillus subtilis) ජාන සමුහය හෙවත් ගේනොමයට (genome) බද්ධ කලේය.
මේ ජාන බද්ධය නිසා බැක්ටිරියාවකගේ සාමාන්‍ය ගති ලක්ෂණ වෙනස් නොවේ . ඒ නිසා සාමාන්‍ය පරිදි මේ බැක්ටිරඉයාව බෝවෙන සැම බැක්ටිරියා පරම්පරාවක් සමගම ""E=mc21905"" යන තොරතුර අඩංගු ජානය තිබේ. තවත් අවුරුදු කෝටි ගනනක් මේ බැක්ටිරියා විශේෂය නොනැසි , බොවෙමින් තිබෙන විට උන් තුල පවතින තොරතුරුද එතරම් කාලයක් පවතිනු ඇත.
අපට අවශ්‍ය තොරතුරු අඩංගු ජාන කොටස බැක්ටිරියාව තුලදි වෙනස් වන්නට හෙවත් ප්‍රභේදනයට ලක් වෙන්නට (mutation) ඉඩ තිබේ. ඒ නිසා එකම තොරතුරක් බැක්ටිරීයාවේ කිප තැනක රදවා "බැකප්" කරන්නට (multiple backup) පර්යේෂකයෝ සමත්ව සිටිති. ජපාන පර්යේෂකයන් දැන් සොයා ගෙන තිබෙන පිලිවෙලට එක් බැක්ටිරියාවක් තුල බයිටි 100 ක තොරතුරු මෙසේ රදවා තබන්නට පුලුවන.මේ තොරතුරු ප්‍රමාණය තව තවත් වැඩි කිරිමට ඔවුන් පරික්ෂන තවදුරටත් සිදු කරමින් පවති.
බැක්ටිරියාවන් පහසුවෙන් වද වෙන්නේ නැත. සිය පරම්පරාව බෝකරමින් නොනැසි අවුරුදු මිලියන ගණනක් සිටිමට උන්ට පුලුවන. එනිසා බැක්ටිරියා තුල රැස් කල තොරතුරුද විනාශ නොවන බව සහතික වන්නට පුලුවන. මේ ක්‍රමයේ වටිනාකම එය මගින් පමනක් පෙන්විය හැක.
No comments:
Post a Comment