ලූල් සෙක් යනුද ඇනොනිමස් වැනිම හැකර් ප්‍රජාවකි. ප්‍රධානියෙක්වත් වගකිවයුත්තෙක්වත් නැත. මොවුන් ඉන්නා බව මුලින්ම පෙනුනේ 2011 මැයි මාසයේදිය. ඒ ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කිරිමත් සමගය...
2011-06-16 දින ඉ-මෙල් එකවුන්ට් වලින් වැදගත් වැඩ කරන කවුරුත් පාහේ භිතියට පත් කිරිමට මොවුන් සමත් විය. එදින ඔවුන් පැවසුවේ ඉ-මෙල් එකවුන්ට් 62000 ක් එවායේ පාස්වර්ඩ් සමග ප්‍රසිද්ධ කරන ලද බවයි.
තමන්ගේ ඒවාත් එතන තිබෙනවද බලන්නට ලින්ක් එකක්ද ලූල් සෙක් හැකර් කණ්ඩායම විසින් ප්‍රසිද්ධ කරන ලදි. මේ වෙබ් ලින්ක් එක ව්ව්ධ වෙබ් අඩවි නැවත ප්‍රසිද්ධ කලේ සර්ච් බොක්ස් එකක්ද සමගිනි. එය මගින් තමන්ගේ වෙබ් ලිපිනය ඒ අතර තිබෙදැයි සොයා බලන්නට අන් අයට හැකි විය.
ලූල් සෙක් හැකිං ප්‍රහාර කිපයක්
2011-05-30 :- ඇමෙරිකානු ගුවන් විදුලිය (PBS)
2011-06-02 :- සෝනි පික්චර්ස්
2011-06-03 :- ඇමෙරිකවේ FBI හි ඉන්ෆ්රා ගාඩ් ( Infra Gard) ආයතනය
2011-06-06 :- ජපානයේ නින්තෙන්ඩෝ ආයතනය
2011-06-10 :- ඇමෙරිකානු ජාතික සෞඛ්‍ය සේවය
2011-06-12 :- ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF)
2011-06-13 :- ඇමෙරිකානු සෙනට් සභාව
2011-06-16 :- CIA
2011-07-14 :- CIA
මිලග කොටසින් ඇනොනිමස් සහ ලූල් සෙක් එක්ව තනාගෙන ඇති "ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" (Operation Anti Security) ගැන දැන ගමු....
No comments:
Post a Comment