Pages

Showing posts with label poya days. Show all posts
Showing posts with label poya days. Show all posts

Monday, July 22, 2013

ඇසළ පොහෝ දිනය අදයි........

බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.

ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්‍මචක්‍රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.

තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්‍මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්‍මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...