Pages

Sunday, March 31, 2013

අහිමි වූ ආදරය ......




අමාවකට පෑයූ පහන් තරුව සේ ....
ඔබ මගේ ලෝකයට ආවේ ...
හදාගන්න බැරි විදිහට....

අසරන වෙලා තිබුන මේ හදවතට...
සීතල පැන් බිඳක් සේ.....
සිසිල ගෙනාවේ ඔයාගේ ආදරය...
සත්තකින් මං මටත් වඩා....
ඔයාව විශ්වාස කලා...
එක හිතින් ඔයාට ආදරෙ කලා...


ඒත් නොහිතූ විදිහට....
මගේ හදවතට දුක් දී...
මටවත් නොකියා ඔයා....
මගෙන් වෙන් වුනා...


                                             ~අචී~

මට නුඹ හමු නොවුනා....නම්....!!



පිපී දිලෙන නුඹ මලක් වුනා නම්.....
ගත පහසට නුඹ ගඟක් වුනා නම්...
දුකක් නොවේවී හැමදාමත්....
මට නුඹ හමු නොවුනා නම්....

සඳකට තහනම් කල කවියක්....
නොවුනේ කිම නුඹ කවදාවත්....
ආදරයට සිතිවිල්ලක්වත්....
මතුවන්නට නැහැ කිසිම ඉඩක්....

කියන්න හිතුවත් එක රහසක්....
බයත් හිතෙනවා මට නම් දැන්....
නුඹ ලබන්න මං පිං කෙරුවත්....
නොලැබේ නම් එය මහත් දුකක්....

                                                      ~අචී~

Tuesday, March 26, 2013

වෙස්සුලු ........





සුන්දරද සමනල් විය කෙතරම්....
ගෙවුනු කල ඔබ සමඟින් මනරම්....
වින්ඳ දුක් හොදටම ඇති දැන් නම්....
කිම්ද නපුරු උනෙ මට මෙතරම්....

පිරෙවුවා මසිත මත නුපුරුදු ආදරෙන්....
මැකෙවුවා දුක් කඳුලැලි මා නෙතින්....
විඳෙවුවා නැවත ඔබගේම වෙනසින්....
ඇහැවුවා හීනෙන් පවා මේ ගැන ඔබෙන්....

සන්සාරේ පුරා පතා එන්නට ඇති....
පෙර කාලෙකත් අප හමුවෙලා ඇති....
පැවසුවත් පෙර එවන් වදන් නිති....
අවසන් හමුවද මේ කියා සිතේ දුටුවිට ඔබෙ අලුත් ගති....

වරදක් ඇති නම් පවසන්න මගෙ තරහක් නෑ....
කලත් මට නපුරුකම් බනින්නට සිත් නෑ....
ඔබට මා එප නම් හැර යන්න කම් නෑ....
ඔබ හොඳින් නම් කොහෙ හිතියත් මත දුක නෑ....

අමතක වෙන්නේ නැතිලු පලමු ආදරය....
උගන්නෙමි ඔබෙන් සැබෑ ආදරය....
නොවෙනස් වන දේලු ලොව වෙනස් වීම....
හදාගන්නම් සිත එවැන්නකි ආදරය.....

Saturday, March 23, 2013

සිහිනය

නුඹ සිහිනයකි මට
දෙනෙත් පියවෙන 
හෑම මොහොතක
මගේ ලොවටවි හිනෑහෙන.

ඔබ මවන රූ චායා
සුන්දරයි අසීමිතව
ඈහෑරෙන්නටවත් සිත් නොදෙන
මායාවක වසගකර.

සිතෙයි රෑදෙන්නට හෑමදාම
මේ හින අද්දරම
හෑකිනම් හිදින්නට නුඹට
සෑබෑවින්ම මගෙ ලොව.

පෑතුව පෑතුම් බොදවෙලා අද
නුඹ නික්මිලා මටත් නොදෑනිම
දුටු සිහිනයේ අතරමගකදීම
හෙට හිරු නෑගෙන්නටත් මත්තෙන්ම..

දුක හිතෙන කතාවක්

සමහර අය අපිටත් නොදැනුවත්වම අපිට ගොඩාක් ලං වෙනව....ඒත් අපිට පුලුවන්ද හැමදාම ඒ අයව අපි ලගම තියාගන්න...කවදාම හරි එයාල යනව... කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි... නවත්තගන්න ඕන වුනත් සමහර වෙලාවට අපිට අයිතියක් නෑ එයාලව නවත්ත ගන්න. ඒ වෙලාවට හිතට කොච්චර දුකක් දැනුනත් එයාලට යන්න ඉඩ ඇරල අපිට බලන් ඉන්න වේවි. ඒත් එයාල අපි ලග ඉද්දි ඉතුරු කරල ගිය මතකයන් අපි ලග හැමදමත් තියේවි. ඒ මතකන් එයාලව අපේ හදවත් තුල ජීවත් කරවාවි සදහටම... මොකද අපි ඒ අයට එච්චරටම ආදරේ කරන නිසා..හැමදාමත් ඒ ආදරේ අවන්කයි..................

සැබෑ මිතුරා හඳුනා ගන්නේ කෙසේද?

ලොව බොහොමයක් වීරයන් මරා දමන්නටත්, ඔවුන්ගේ ගෞරවනීය අත්මය කෙළෙසා දමන්නටත් මුලික වුයේ කලෙක ඔවුන්ට වඩාත් සමීපවවුන් මිතුරන්ය. සමහරවිට මට තබන පලමු වෙඩිල්ලද මිත්‍රයෙකුගේ තුවක්කු කටින් පිටවිය හැක. ඒ සැබෑ මිතුරා හඳුනා ගන්නට මට නොහැකි නිසා නොවේ. සියලු මිතුරන් සැක කරන්නට මට නොසිතෙන නිසාය....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...