Pages

Monday, April 29, 2013

IT hits.....බීප් නාදය අනුව laptop එකෙ දෝෂය හඳුනා ගමුද....

                        පරිගණක පැන විසඳුම් ආශ්‍රයෙන්......ඔබගේ පරිගණක දැනුමට මේ විශේෂාංගය එක්කරන්නේ පරිගණක ක්ෂේත්‍රයට කැමති ඔයාලා සඳහාමයි.
පොත් සඟරා කියවීම අපි අතරින් ටික ටික ඈත්වෙලා ඒ වෙනුවට PC,laptop,tablet, I phone වගේ දේවල් පාවිච්චිය වැඩිවෙලා කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.මේවත් නරක දේවල් නෙවෙයි ඒ දේවල් වැදගත් විදිහට පාවිච්චි කරනවනම්.ඉතිං තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකෙම ඉදිරියට යද්දි අපිට විතරක් එක තැන බලන් ඉන්න බැහැනෙ..අපිටත් මේ දේවල් ඉගෙන ගන්න වෙනවා.ඒකට ඕනෑ තරම් දේවල් තියෙනවා අන්තර්ජාලයේ.හැබැයි ඉතින් සිංහලෙන් තියෙන්නේ අඩු ප්‍රමාණයක්..ඒ නිසා මේ විශේෂාංගය අපේ blog එක කියවන හිතවතුන්ට උදව්වක් වෙයි කියලා හිතනවා පරිගණක සාමාන්‍ය දැනුමට.වැඩක් නැති දේවල් වලට කාලය,මුදල් ගෙවන වෙලාවේ ඔයාලා දන්නෙ නැති එක දෙයක් හරි මේක කියවලා දැනගත්තනම්..ඒක තමා අපේ සතුට...කියවලම බලන්නකෝ....



  • ලැප්ටොප් එකක් පාවිච්චි කරන ඔයාලට සමහරවිට මේ දේට මූණ දෙන්න වෙලා ඇති.ඇතැම් අවස්ථා වල එය ක්‍රියාත්මක කරන විට බීප් හඬක් ඇසිලා ඇති.නැති උනත් එහෙම වෙන්න ඉඩ තියෙනවනෙ.              අපි බලමු මොකක් නිසාද එහෙම වෙන්නෙ කියලා.මේක අපි හිතන තරම් පොඩි දෙයක් නම් නෙවේ බීප් හඬ ඇසෙන වාර ගණන අනුව දෝෂය වෙනස් වෙනවා.බීප් හඬෙහි වාර ගණනින් හෝ පරිගණකයේ ඉදිරිපස ඇති බල්බ දැල්වෙන වාර ගණනින් අපට දෝෂයේ ස්වභාවය දැනගන්න පුලුවන්.ඉන්පසු අවශ්‍ය පිළියම් යෙදිය යුතුයි.


බීප් හඬ හෝ බල්බ දැල්වෙන වාර ගණන දැල්වෙන බල්බය පරීක්ෂා කළ යුතු උපාංගය දෝෂය
දිගටම දැල්වී තිබීම Battery power LED Battery බැටරිය ආරෝපණය වෙමින් පවතී
                    1 Caps Lock/Num Lock CPU CPU දෝෂ සහගතය
                    2 Caps Lock/Num Lock BIOS BIOS වල දෝෂයකි
                    3 Caps Lock/Num Lock Memory RAM දෝෂයකි
                    4 Caps Lock/Num Lock Graphics Graphics කාඩ් එකෙහි දෝෂයකි
                    5 Caps Lock/Num Lock System board මවු පුවරු දෝෂයකි
                    6 Caps Lock/Num Lock BIOS BIOS දෝෂයකි
නොනැවතී  ON/Off වීම AC power adapter LED Power adapter විදුලි බලය ප්‍රමාණවත් නැත

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...