Pages

Sunday, April 28, 2013

Maths is awesome.... (ගණිතය හරි සුන්දරයි...)

මතකද 2004 දෙසැම්බර් 26 වෙනිදා.......


සදා අමතක නොවන ඒ සිදුවීම..... ඒ මහා විපතින් මියගිය ප්‍රමානය අති මහත්..... ඇස්තමේන්තු වලට අනුව මිය ගිය ප්‍රමානය 230,000 ඉක්මවයි.......

නමුත්, ඔබ දැන ගෙන සිටියාද? 

 දිනකට ලොකය තුල සිදුවන ලදරු උපත් ගනන..... 384,000
 දිනකට මියයන මිනිසුන් ගනන....... 156,000 
 එනම්.... එක් දිනකදී ලෝක ජනගහනයට එකතුවන ප්‍රමානය......228,000

 සුනාමි වියසනයෙන් අහිමි වූ මිනිස් ජීවිත ගනන පැය 24 කදී නැවතත් ලෝක ජනගහනයට එකතු වී හමාරයි.... දැන් හිතා ගන්න පුලුවන්ද අද වනවිට සමස්ත ජනගහනය කෙතරම් සීග්‍රයෙන් ඉහල යනවද කියල........? මේ සඳහා බලපාන ප්‍රධානම කරුන වන්නේ ජනගහන වර්ධනය පිරමීඩාකාර වර්ධනයක් වීමයි.....

 මේ තත්වය පැහැදිලි කරන්න පුංචි උදාහරනයක් දෙන්නම්....




හිතන්න සංවෘත බොතලක් තුල ඇල්ගී විශේෂයක් වර්ධනය වෙනවා...



මේ ඇල්ගී ප්‍රමානය සෑම විනාඩියකදීම දෙගු වෙනවා. ( පලමු විනඩියෙ 20ක් නම් දෙවන විනඩියෙදි 40ක් තෙවන විනඩියෙදි 80ක් විදියට...) මොවුන්ට මුලු බොතලයම ආවරනය කරන්න පැයක් ගතවෙනව...... පෙ.ව. 6.00 මේ වැඩේ පටන් ගත්තොත් පෙ.ව. 7.00 වෙනකොට බෝතලය සම්පුර්නයෙන්ම පිරෙනවා....... 

දැන් හිතන්න මේ බොතලය 50% ඇල්ගී වලින් පිරෙන විට වෙලාව කීයද?
( උත්තරේ බලන්න කලින් තමන්ගෙ උත්තරේ හිතා ගන්න....)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පිලිතුර : පෙ.ව. 6.59 ( බොතලය සම්පුර්නයෙන් පිරෙන්න විනාඩියකට කලින්... )

වේලාව සමග ඇල්ගී බෝතලයේ පිරිල තියන ප්‍රමානය ගැන හිතුවොත්.....



6.55 ට මේ බෝතලය දිහා බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂනය කරන්න පුලුවන් විනාඩ් 55ක් ගත වෙලත් තවම පිරිල තියෙන්නෙ 3.12 % වගේ පුංචි ප්‍රමානයක්. තවමත් 96.88% ඉතිරිව පවතිනවා කියලා....

මේ නිරීක්ෂනය අනුව අපිට හිතේවිද තවත් විනාඩි 5ක් වැනි කාලයකදී මේ ඇල්ගී විශේෂයට වර්ධනය වීමට තරම් ඉඩක් මේ බෝතලය තුල නැතිවෙවි කියල.... ??? මේ තමයි මෙවැනි වර්ධනයන් තුල දක්නට ලැබෙන භයානක තත්වය....!!!

මේ සංසිද්දිය පෘතුවිය නැමති බෝතලය තුල ජීවත්වන මිනිසා නම් ඇල්ගී විශේෂයටද මේ අයුරින්ම බලපාන බව මතකතබා ගනිමු...... 

සැ.යු.

වර්තමාන ගනනය කිරීම් වලට අනුව ලෝක ජනගහනය දෙගුන වන කාලසීමව ( Doubling Time )වසර 54ක් වෙනවා.... එනම්
තවත් වසර 54 කදී ලෝක ජනගහනය බිලියන 14ක්
තවත් වසර 108 කදී ලෝක ජනගහනය 
බිලියන 28ක්.



No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...