Pages

Monday, April 29, 2013

IT hits.....iPhone ගැන ටිකක්...



අයිෆෝන් කියන්නෙ කෙටි කාලයකින් ශීඝ්‍රව පැතිරුණු ජංගම දුරකථනයක්...අපේ මීලග පැනය ඒ හා සම්බන්ධ දෙයක්.

  • උදාහරණයක් විදිහට ඇපල් අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් පරිගණකයට සම්බන්ධ කිරීමට එම පරිගණකයට අයිටියුන්ස්(iTunes) ඩවුන්ලෝඩ් කළ යුතුයි. වින්ඩෝස් 7 පරිගණකයකට අයිටියුන්ස් ඩවුන්ලෝඩ් ඉන්ස්ටෝල් කොට ක්‍රියාත්මක කිරීමේදී "iTunes was not installed properly. Please re-install iTunes. (Error 7)" යන පණිවුඩය දිස් වේ.මෙම දෝෂය මඟහරවා ගන්නේ කෙසේද කියා අපි බලමු.


ඉහත පරිදි එකක් දිස් වීමට හේතුව අයිටියුන්ස් ඉන්ස්ටෝල් වීමේදී වරදක් සිදුව තිබීම නොවේ.
වින්ඩෝස් 7 වල ඉන්ස්ටෝල් වෙලා තියෙන සංස්කරණය අයිටියුන්ස් සඳා නොගැළපීම මීට හේතුවයි.

ඒ නිසා කළ යුත්තේ අයිටියුන්ස් මෘදුකාංගය අන්ඉන්ස්ටෝල් කොට වින්ඩෝස් 7 සඳහා ගැළපෙන Windows7:Microsoft.NET Framework 4.0 පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමයි. එය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට www.microsoft.com/downlaod/en/details.aspx?id=17851 වෙබ් අඩවියෙන් ඔයාලට හැකිවේවි!

හමුවෙමු නැවතත් IT Hitz තුළින්..........

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...