Pages

Monday, July 1, 2013

දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.....!


දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.....!
ආදරණීය ගුරුතුමනි,
මම රැඳවුම් කඳවුරකින් දිවි ගලවා ගත් අයෙක්මි
මගේ ඇස්.....
කිසිම මනුෂ්‍යයෙකු විසින් නොදැකිය යුතු
උගත් ඉංජිනේරුවන් විසින්..
සාදන ලද විෂවායු කාමර
උගත් වෛද්‍යවරුන් විසින්...
විෂ එන්නත් කරන ලද ළමයින්...
පුහුණු හෙදියන් විසින් මරා දමන ලද බිළිඳුන්....
උසස් විද්‍යාලවල උගත් ශිෂ්‍යයන් හා
විශ්ව විද්‍යාලවල උගත් උපාධිධාරීන් විසින්....
වෙඩි තබා පුලුස්සා දමන...
කාන්තාවන්ගේ හා අත දරුවන්ගේ....
මළ සිරුරු දැක්කා.........
දැන් මට අධ්‍යාපනය ගැන සැකයි........!
මගේ ඉල්ලීම,
ඔබෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට,
මානුෂික වීමට උපකාර කරන්න.........
ඔබේ උත්සාහය කිසි විටෙකත්,
උගත් රාක්ෂයින්,
කුසලතා පිරිපුන්..
මනෝ විකෘතිකයින්,
උගත් අයිචිමාන්වරුන් බිහිකිරීමට,
හේතු නොවේවා....!
කියවීම ලිවීම වැදගත් වන්නේ........
ඒවා අපේ දරුවන්ට,
වඩාත් මානුෂික වීමට.........
මඟ පෙන්වන්නේ නම් පමණි....

                               (නිර්ණාමිකයී)

බ්‍රිතාන්‍යයේ බ්‍රඩ්පෝඩ් ද්විතියික පාසලේ දැන්වීම් පුවරුවක පළවූවකි....

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...