Pages

Saturday, July 20, 2013

වේග පුහුණුව

නුවන් කියවීමට හරිම දුර්වලයි. ඒ අතින් ඔහු හැමදාම පන්තියෙ අන්තිමයා. අනිත් ළමයි සේරම නවකතා පොත් ආදිය වේගයෙන් කියවද්දී නුවන්ට පෙළ පොතක් පාඩමක්වත් වේගයෙන් කියවන්න බැරි වුණා.

පන්තිය බාර ගුරුතුමී මේකට පිළියමක් යෝජනා කළා. ඔයාට වේගෙන් කියවන්න පුරුදු වෙන ක්‍රමයක් මං කියලා දෙන්නං. ගෙදර ටේප් රෙකෝඩරයක් තියෙනවාද ?

ඔව් මිස් තියෙනවා



හොඳයි ! මං මේ පාඩමේ තියෙන කතාව ටේප් කරල ඔයාට ගෙනත් දෙනවා. ඔයාට තියෙන්නේ පොත පෙරලාගෙන, ඒ දිහා බලාගෙන රෙකෝඩරයට ඇහුම්කන් දෙන එක විතරයි. සතියක් දෙකක් යනකොට ඔයාටත් ඒ විදියට වේගෙන් කියවන්න පුළුවන් වේවි

ගුරුතුමි පොරොන්දු ප්‍රකාර නුවන්ට කතා ටේප් කරලා දුන්නා.

සති කීපයක් ගත වුණාට පස්සේ ගුරුතුමී නුවන්ව පන්තිය ඉස්සරහට කැඳෙව්වා.

කොහොමද ? දැන් ටිකක් වේගෙන් කියවන්න පුළුවන් නේ ද ? හොඳයි ! මෙන්න මේ කතාව කියවන්න කාටත් ඇහෙන්න ඇය කීවා.

නුවන් අදාල කතාව වේගයෙන් කියවගෙන ගියා. පන්තියෙ ළමයින්ට තියා ගුරුතුමියටවත් තේරුණේ නැහැ නුවන් කියවන්නේ මොනවද කියලා. කාටත් ඇහුණේ සට සට පට පට සටපටාස් සට පටාස් වැනි සද්ද ටිකක් විතරයි.

ඔය මොකද නුවන් ඔය ! මං කිව්ව විදියට හඬ පටියට ඇහුම්කන් දුන්නද ගුරුතුමී ඇහුවා.

ඔව් මිස්

කොහොමද ඇහැව්වේ

මට ඉතින් දිගටම අහගෙන ඉන්න කම්මැලි හින්ද රෙකෝඩරේ ෆාස්ට් ෆෝවර්ඩ් දාල ඇහුම්කන් දුන්නා නුවන් කීවා.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...