Pages

Wednesday, May 29, 2013

IT hits.....පරිගණක මිසදිටුකම්

මේකෙන් ඔයාලට කියන්න යන්නෙ පරිගණක භාවිතය ගැන පරිගණක පාවිච්චි කරන්නන් අතරම තිබෙන වැරදි මත ගැනයි.මේ පිළිබඳව විවිධ මතවාද අපිට අහන්න ලැබෙනවනෙ.මේවාගෙන් බොහොමයක් හරියටම හරි නැති වුනත් ඒවා අකුරටම පිලිපැදිය යුතුත් නැහැ.ඒත් සමහර අදහස් හොදටම වැරදියි.එවැනි අදහස් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ...

  • Shut down නොකොට පරිගණකය "off" කරොත්??

         පරිගණකයක් switch එකෙන් off කරා කියල පරිගණකයට හානියක් වෙන්නෙ නැහැ.නමුත් machine එක ක්‍රියාත්මක වෙමින් තිබියදී එය බලෙන් වසා දැම්මොත් ඒ වෙනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩසටහන් වල කොටස් save නොවෙන්නට පුලුවන්.
මේක හරියට Flash drive එකක් බලෙන් ගැලවුඑ විට වෙන දේට සමානයි.
        දැන් තියෙන අලුත් පරිගණකයක on/off switch ක්‍රියාත්මක වෙන්නේ ද සාමාන්‍ය shut down විධානය ක්‍රියාත්මක වෙන පිලිවෙලටමයි.එනම් on/off switch එක press කල සැනින් පරිගණකයට තිබෙන විදුලි සම්බන්ධතාව කපා හරෙන්නේ නැත.ඒ වෙනුවට කෙරෙන්නේ සාමාන්‍ය විදියටම පරිගණකය shut down වීමට විධාන නිකුත් කිරීම පමණි.


  • පරිගණකය shut down නොකර තැබුවොත් මොනා වේද??
           අපි ඇයි නිදියන්නෙ? දවස තිස්සෙම වැඩ කරලා මහන්සි නිසා විවේකයක් ගන්න..නිදියන එකේ හරි අරමුණ ඒකනෙ.නැත්නම් දිගටම ඇහැරලා හිටියොත් ලෙඩ වෙන්න තියෙන ඉඩ වැඩියි.
           නමුත් යන්ත්‍ර වලයි සත්ත්වයා අතරයි තියන වෙනස මේකයි.ඕනෑම යන්ත්‍රයකටත් විවේකයක් ඕනෑ වුනත් නිතිපතා පරිගණකය shut down කිරීම අවශ්‍ය නැහැ.server පරිගණක සමහරවිට මාස ගණනාවක් එක දිගටම ක්‍රියාත්මක වෙනවා.පරිගණකෙන් උපදින රස්නය පාලනය කිරීමේ උපක්‍රම එහි තියෙනවා
            .දෝෂ මතුවෙන්නේ උපාංගයක් ක්ෂය වීම මතය.ඒ වුනත් නූතන පරිගණක උපාංග සියල්ලම පාහේ තනා තිබෙන්නේ දීර්ඝ කාලයක් එක දිගටම වැඩ කර හැකි සේය.අවුරුදු තුනක වගකීමක් නිෂ්පාදකයින් උපාංග වලට ලබා දෙනවාය යන්නෙන් අදහස් වෙන්නේ එම උපාංගය එක දිගටම අවුරුදු තුනක් භාවිතා කල හැකි බවයි.එනිසා විදුලි බලය ඉතිරි කරගැනීමේ අරමුණින් හැර වෙනත් අරමුණකින් පරිගණකය නිතර නිතර shut down කල යුතු නැත.

හමු වෙමු නැවතත් තවත් මෙවැනිම කොටසක් තුලින්.....!! 

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...