Pages

Thursday, May 23, 2013

කය ලෙඩින් සිත සුවයෙන් ඒ කෙසේද?


බලවත් සේ රෝගාතුර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සැවැත් නුවරට නුදුරු අන්ධ වනයේ වැද සිටිති.
"අනුරුද්ධ රහතන් වහන්සේ බරපතල රෝගයකට ගොදුරු වෙලා.අද මා දුටුවා.උන්වහන්සේගේ මුහුණේ කලින් තිබුන මඳ සිනාව සතුට එහෙමම තියනවා.හරි පුදුමයි! ශරීරය ලෙද වෙලා, ඒත් සිත සුවයෙන්.ඒ කොහොමද?"


එක් භික්ෂුවක්, තවත් භික්ෂුවකගෙන් ඇසීය.ඉන්පසු ඒ භික්ෂූහු අනුරුද්ධ හිමි අසලට ගියහ.
"ස්වාමීනි, ඔබ වහන්සේ ශාරීරික වශයෙන් මහා දුකකට ගොදුරු වී සිටිනවා.එහෙත් සිත සුවයෙන් බව මුහුණ දෙස බැලුවාම පේනවා, ඒ කෙසේද?"
භික්ෂූන් ඇසූ ප්‍රශ්නයට අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෙසේ පිලිතුරු දුන්හ.
"ඒ කෙසේද? මා එය පැහැදිලි කරනවා.මම සතර සතිපත්ටානයෙහි මනා ලෙස පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරනවා.ඒ නිසා ශාරීරික දුක් වේදනා නිස සිතට පීදාවක් ඇති වෙන්නේ නැහැ.කායික ස්වභාවයන් වේදනාව පිළිබඳ ස්වභාවයන්,සිත පිළිබඳ ස්වභාවයන් සහ ධර්මයන් පිළිබඳ ස්වභාවයන් බලමින් ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව වාසය කරනවා.ඉතින් ඒ නිසා ශරීරයේ පීදාව සිතට දැනෙන්නේ නැහැ.."

සංයුක්ත නිකායේ අනුරුද්ධ සංයුක්තයෙනි.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...