Pages

Thursday, May 23, 2013

POCKETS


බුදු දහම ලෝකවාසී සියලු දෙනාට එකසේ පොදු දහමක්...එය තේරුම් ගත් බොහෝ විදේශීයයන් පවා බුදු දහම අනුව ජීවත් වෙනවා ඔබ අසා ඇති.ඒ විතරක් නෙවේ බුදු දහම හා අප මහා බුදු පියාණන් ගැන කවි, පොත් විවිධ භාෂා වලින් ලිවීමටත් බොහෝ අය පෙළඹී සිටිනවා.ඇත්තටම එය සතුටට කරුණක් නේද...උපතින්ම බෞද්ධ සමහරක්ට බුදු දහමේ අගය නොදැනුනාට විදේශීයන් පවා බුදු දහම ගැන උනන්දු වෙන්නේ එය තර්කානුකූල කාලෝචිත දහමක් නිසා නේද...මේ තියෙන්නේ එරිකා ඩයස් නමැති ඉංග්‍රීසි කිවිඳිය ලියූ කවියක්.....

POCKETS

Lord Buddha's robes
Flow so Freely and gracefully
because,
There are no pockets
To cling or to hold
සාක්කු

බුදු සමිඳුගේ සිවුර
නිදහසේ සුන්දර ලෙස
රැළි නගා ලෙළදෙයි
යමක ඇලෙන්නට යමක් අල්ලන්නට
එහි සාක්කු නැත.

"සියලු ඇලීම් බැඳීම් වලින් මිඳුණු බුදු රජාණන් වහන්සේගේ සිවුරේ සාකු නැත.සාක්කු අවශ්‍ය යමක් දරා ගැනීමටයි.කිසිවකුට ඇල්මක් නැති,බැඳීමක් නැති වීතරාගී බුදු පියාණන්ට රැස් කිරීමේ වුවමනාවක් නැත.ඒ නිසාම සිවුරට සාක්කු වුවමනා නැත."

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...