Pages

Sunday, May 5, 2013

IT hits.....Smart Phones ගැන අපි මොනවද දන්නෙ?......


Smart Phones ගැන අපි මොනවද දන්නෙ?......
ඇත්තටම අද බොහෝ දෙනෙක් Smart Phones පාවිච්චි කරනවා,ඒවා ගැන කතාකරනවා..බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ Smart Phone එකක් අරන් Smart වෙන්න.හැම Smart Phone එකක්ම Smart වෙන්නෙ ඒකෙ තියෙන OS එක අනුව.අන්න ඒ නිසා Smart Phone අරන් Smart වෙන්න කලින් මේවගෙ OS ගැන ටිකක් දැන ගත්තොත් හොඳයි නේද.....ඒක පාවිච්චි කරන නොකරන කාට වුණත් වටිනවා.


වෙළඳ නාම සිය  ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා  සපයන  සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා  ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල  එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ  අතලොස්සකි.ඊට හේතුව Mobile OS  තිබෙන්නේ කීපයක් නිසාය.

දැනට තිබෙන OS වලින් ගොඩක් ප්‍රසිද්ධ මෙන්න මේවායි.

  • Google Android
  • Nokia Simbian
  • Apple iOS 
  • Reem Blackberry
  • Microsoft Windows phone
  • HP Web OS
  • Linux MeeGo



මීට අමතර වශයෙන් Samsung Bada, Nokia Maemo යනාදියද තිබේ. චීනයේ  වැඩිපුරම භාවිතා වන්නේ Linux ය. ඒ  නොයෙක් වෙනස්කම් සහිත මෙහෙයුම් පද්ධති  වශයෙනි. එසේ නොමැතිව කෙලින්ම Linux Mobile OS භාවිතා වන්නේ අඩුවෙනි.

එක Mobile OS එකක් තවත්  එකකින් වෙනස් වන කරුණු කීපයකි.
 Interface එක හෙවත් පෙනුම (visual panache)  ප්‍රධාන කොට වැඩි දෙන සලකයි.  දෙවැන්න එය කෙතරම් පහසුද යන්නයි . එමගින් කරගත  හැකි විවිධ කටයුතු තවත්  කාරණයකි. (capabilities) උදාහරණයක් විදිහට  Simbian මෙහෙයුම් පද්ධතියේ  බලපුලුවන්කාරකමකි Pythan code ඇති හැකියාව. එය පරිගණකයක් හා සමානව කල  හැකිය. එමෙන්ම අනිත් වැදගත්ම කාරණය වන්නේ  එයින් නොයෙකුත් වැඩ ගන්නට  උපකාරී වන අවශේෂ මෘදුකාංග කෙතරම් හොඳද යන්නය.  මෙයට උදාහරණයක්‌ ලෙස Android  Market, apple app-store දැක්විය හැකිය.

මේ සියල්ල එක්ව ගෙන ප්‍රධාන  මොබයිල් ඕඑස් ගැන සසඳා බලන්නට පුළුවන. දැන්  ඔයාල හැමෝටම පුළුවන් මොන OS  එකද හොඳ කියල තීරණයක් ගන්න. 
හැබැයි මතක තියාගන්න අපි මේ කතාකරන්නේ මෘදුකාංගමය පැත්ත  ගැන විතරයි වෙළද නාමයක් යටතේ එන ස්මාර්ට්ෆෝන් වල  දෘඩාංග වල ගුණාත්මක බාවය  නෙමෙයි.



  • Android.......

මෙය  Open source වැඩසටහනකි.
2008 ඔක්තෝබර් 21 වෙනිදා මුලිකව නිකුත්  කල Android මෙහෙයුම් පද්ධතිය හැම අතින්ම වගේ පහසු වේගවත් මෙහෙයුම්  පද්ධතිය ලෙස සැලකේ.
iOSහි තිබෙන ගති ලක්ෂණ මෙන්ම Blackberry OS එකේද  තිබෙන ගති ලක්ෂණ  අලුත් තාලයකට මෙහිදී එක කොට තිබේ.
මෙහි HoneyComb සංස්කරණය 2011 පෙබරවාරි  24 වැනිදා එලි දැක්විණ. ඉන්පසුව ice cream sandwich  සංස්කරණයද නිකුත් වූ අතර  මෙම වසරේ දෙවන කාර්තුවේදී පමණ එහි අලුත්ම  සංස්කරණය වන Jelly bean නිකුත්  වීමට නියමිතය.Touch ස්ක්‍රීනයට මෙන්ම  Trackball ක්‍රමයටද ගැලපෙන පරිදි මෙය  යොදාගත හැක.
Android සඳහා  ගැලපෙන නොයෙක් Apps Android Market වෙබ් අඩවියෙන් download කරගත  හැක. Androidහි  විශේෂත්වය වන්නේ එය දියුණු කරනු ලබන්නේ Open Handset  Alliance කියා  හඳුන්වන විවිද තාක්ෂණික සහ සන්නිවේදන සමාගම් 80කින් සැදී  මණ්ඩලයක් විසින්  වීමය. එනිසා මෙය අන කවර Mobile OS එකකකටත් වඩා නවීන  වෙමින් තිබේ. එසේම  භාවිතයට පහසු වී තිබේ.

  • Apple iPhone OS හෙවත්  iOS ...

Smart phones අතර ප්‍රසිද්ධම iPhoneයි. එනිසාම iOS, Mobile OS අතර පුරෝගාමියාය.
2007 ජුනි 29 වැනිදා iOS එලිය  දුටුවේ, Mac OSX හි  mobile සංස්කරණය හැටියටය. 2010 ජුනි මාසයේදී එහි නම  iOS කියා වෙනස්  කෙරුණි. මෙහි 4.3 සංස්කරණය 2011 මාර්තු 09 වැනිදා  ප්‍රසිද්ධ කළේය.
මෙය  සම්පුර්ණයෙන්ම multi touch පහසුකමට වැඩකළ හැකි OS එකකි. Interface එක  ගත්විට මනරම් icon සමුහයකින් යුක්තය. වැඩ කටයුතු වඩාත් පහසු වී  තිබෙන්නේ  නොයෙක් apps සමග වැඩ කරන්නට පුළුවන නිසාය. මේ වන විටත් iPhone  සඳහා apps ලක්ෂ තුන ඉක්මවා තිබේ.Apps-store තුලින් ඒවා තෝරාගෙන download කරගන්නට  පුළුවන.
iOS බොහෝ දුරට භාවිතකරන්නාට යම් යම් සීමා පනවා තිබේ. උදාහරණ ලෙස  iTunes  සහ Apps-store දැක්විය හැකිය. එනම් iPhone භාවිත කරන්නන්ගෙන්  බහුතරයකට මෙම  සේවාව ලබාගත යුතුව ඇත. අනික් අතට iOS නිර්මාණය කර  තිබෙන්නේ touch interface එකක් උදෙසාම වීමත් මෙහි ප්‍රබල අඩුපාඩුවකි.


  • Simbian.....

Nokia සමාගමේ Smart phone සඳහා වැඩිපුරම යොදාගන්නේ Simbian යන  Open source  වැඩසටහනයි.
 Simbian interface එක ගත් විට එය අලුත් ගුණාංග  සියල්ල ඇති  නමුත් පැරණි පෙනුමේ එකකි.
Simbian mobile OS එකෙහි තිබෙන  විශේෂත්වය  වන්නේ එයට windows,Linux සහ iOS සමග සහයෝගයෙන් වැඩ කල  හැකි වීමයි.
Simbian OS එකෙහි මෙම බලපුළුවන්කාරකම පෙන්වන කදිම උදාහරණය  නම් මෙහි  තුන්වන සංස්කරණය තුල Windows 98 ධාවනය කල හැකි වීමයි. 
කලින්  රහස් කෙතයක්ව  තිබු Simbian OS එකෙහි කේතය නොකියා සමාගම විසින්  ප්‍රසිද් කරන ලද්දේ  ඉදිරි දෙවසර තුල Simbian සහිත Smart phone ගණන  අඩුකිරීමටය. 
මෙය ලෝකයේ  සිදු වූ දැවැන්තම Opensource දානය ලෙසද සැලකෙයි.  වර්තමානයේ Nokia සමාගම  විසින් තම Smart phone සඳහා windows OS යොදා  ගනී. ඊට හේතුව Simbian  mobile OS එකෙහි ගැටළු නොවේ., Nokia  සමාගම ඊට  ධනය යෙදවීමට අකමැති වීමයි.



Blackberry OS....
  
 Touch screen ක්‍රමයට මෙන්ම trackball කින් සහ menu මතින්ද  ක්‍රියාත්මක කල හැකි ක්‍රමයට Blackberry OS සකසා තිබේ. එවිට icon අතර  යා යුත්තේ යතුරු පුවරුවේ බොත්තම්  පාවිච්චි කරමින් වුවත් එය පහසුය.
විශේෂයෙන්ම පරිගණක යතුරු පුවරු භාවිතයෙන්  වැඩ කරන අය අතර blackberry  OS   ජනප්‍රිය  වීමට හේතුව මෙයයි. iOS මෙන් වර්ණ පසුබිම් සහ ත්‍රිමාන  icon භාවිත  කිරීම වෙනුවට මෙහි තිබෙන්නේ සාමාන්‍ය ජංගම දුරකථනවල තිබෙන  iconය. එනිසා  interface එක සරලය.

විවිද භාෂා වලින් තිබෙන බ්ලැක්බෙරි ඕඑස්  එක ජාවා කේත සටහන් භාවිතා  කරමින් තැනුවකි. blackberry torch 9800 blackberry  OS  එක 2010 අගොස්තු  මාසයේදී නිකුත් කෙරින.

Windows phone....

Microsoft සමාගම විසින් නිර්මාණය කරන ලද mobile OS එක වෙන්නේ  Windows phone 7ය. 
එය අනෙක හැම mobile OS කකටම වැඩ වෙනස් interface එකකින් යුක්තය.
මෙහි තිර පෙනුම හඳුන්වන්නේ  Start screen කියාය. එහි  තිබෙන්නේ වෙනත් Smartphone OS වල මෙන්  පසුබිමක තම ඇති මනබඳනා icon නොවේ. එකිනෙකට යාව ඇති screen කොටස්ය.ඒවා tiles කියා හඳුන්වයි.  Tiles කෙලින්ම සම්බන්ද වෙන්නේ විවිද  Application හා Function වෙතය.  මෙ Tile නිතර update වෙයි. එනම ඒවාට  අදාළ Applications ලදී වෙන දේවල  පෙන්වයි. Inbox එකට පැමිණි e-mail එකක් ගැන අදාල tile එකේ පෙන්වීම  උදාහරණයකි.
Windows phone 7 මුලික වශයෙන්ම Windows 7 මෙහෙයුම් පද්ධතියේ mobile OS කයි.  එනිසා මෙය internet සමගින් හොඳින් එක්වී වැඩ කරයි. සියලුම  tile touch  ක්‍රමයට හැසිරවිය යුතු අතර, තිරය මත මතුවන යතුරු පුවරුවක් ඇත.  Windows 8  පරිගණක මෙහෙයුම් පද්ධතියේ මුලික ආකෘතිය ද මෙය බව හොඳින් බලන  විට වැටහෙනු  ඇත.




No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...