Pages

Sunday, May 5, 2013

IT hits.....මේ ගැනත් හිතන්න!!


සාමාන්‍යයෙන් අලුතින්ම පරිගණකයක් ගන්නවාට වඩා පාවිච්චි කල පරිගණකයක් ගැනීම ලාබදායී වෙනවා.නමුත් එහි ගුණාත්මක බව ගැන ඔබ සිතුවාද....? 
මේ පිළිබඳ නොදන්නාකම නිසාවෙන් බොහෝ අය වංචා වලට පවා රැවටෙනවා.අන්තිමේට සිදුවෙන්නේ අලුතින් පරිගණකයක් ගන්නවාට වඩා වියදම් කර අලුත්වැඩියා කිරීමට සිදුවීමයි.
ඉතින් අද අපි කතාකරන්න යන්නේ පාවිච්චි කල ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවද කියලා.....

ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියනවා.




  • ඔබගේ අවශ්‍යතා වලට(පරිගණකයෙන් කරගැනීමට බලපොරොත්තු වෙන වැඩ වලටා සරිලන Processor,RAM සහ Hard Disk යන උපාංග වල ධාරිතා ගැළපේදැයි බැලිය යුතුය.එසේම CD/DVD Writer, Web cam, Bluetooth හැකියාව,වයිෆයි හැකියාව Card Reader පවතී ද යනාදී අත්‍යාවශ්‍ය හැකියා තිබේදැයි විමසා බැලිය යුතුය.
  • පරිගණක තිරයේ දිග-පළල තමාගේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත්දැයි සළකා බැලිය යුතුය.එසේම එම තිරය හෙවත් ස්ක්‍රීනයේ සෑම තැනකම එකම ආකාරයෙන් වර්ණ පෙනේ දැයි විමසා බලන්න.යම් තැනක වර්ණ නොපෙනෙන දිළිසුම් ස්ථාන තිබේ නම් එම ස්ක්‍රීන දෝෂ සහිතය.
  •  ලැප්ටොප් පරිගණකයේ බාහිර ආවරණයෙහි(chassis) තැලුම් ලකුණු වේ නම් එය බිම වැටීමට ලක්වූ එකක් විය හැකිය.එසේම පරිගණකයේ යටි පැත්තේ ඉස්කුරුප්පු ඇණ ගලවා ඇතිබව පෙනේ නම්,එය අලුත්වැඩියා කරන ලද එකකි.එවැනි පරිගණක වල ගුණාත්මකබව අඩුය.
  • බැටරියේ ආරෝපණය පවතීදැයි සොයා බැලීමද වටී.එය ඉක්මනින් බැස නොයා යුතුය.එසේ නොවේ නම් අලුත් බැටරියක් දැමිය යුතුය.
  • ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කර, ටික වෙලාවක් තබා, එහි පසෙකින් ඇති වාතය පිටතට එන කවුලුවට අත තබා, වායු ධරාවේ උණුසුම පරීක්ෂා කරන්න.උණුසුම වැඩි නම් එහි සිසිලන පංකා(Cooling Fans) නියමිත වේගයෙන් ක්‍රියාත්මක නොවන බව පැහදිලිවේ.එහෙමත් නැතිනම්  ේවායේ දූවිලි බඳී පැවතිය හැකිය. ඒ කිසිවක් නොවීත් උනුසුම එනවා නම් එවැනි ලැප්ටොප් එකක් මිලදී ගනීම නුවණට හුරු නැහැ. 
  •    මීළගට  key board එකේ හැම key එකක්ම වැඩ කරනවද කියා පරීක්ෂා කර බැලිය යුතුයි.
  • CD/DVD යනාදිය නිවැරදිව ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...