Pages

Tuesday, June 4, 2013

Anonymous Hackers (ඇනොනිමස් හැකර්කරුවෝ)

ඇනොනිමස් යනුවෙන් හැකින් ප්‍රහාර එල්ල කරන කණ්ඩායම ලොව පුරා විසිර ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඉන්ටර්නෙට් එකතුවක් (internet gathering) සේ හදුන්වයි.ඇනොනිමස් මුලින්ම කරලියට පැමිනෙන්නේ 2010 දෙසැම්බරයේදිය. විකිලික්ස් වෙබ් අඩවිය , නොයෙක් ආණ්ඩු සමග තිබු ඇමෙරිකානු රහස් වැඩ එලිදරවු කල පසු මාස්ටර් කාඩ් , විසා, පේපැල් යන ආයතන විකිලික්ස් අඩවියට සපයන සෙවා නැවැත්විය.ඒ විට මේ වෙබ් අඩවි සියල්ල වෙත මහා හැක්ං ප්‍රහරයක් එල්ල විනි. ඒ විකිලික්ස් වෙබ් අඩවියට සහය පල කරමිනි. ඇනොනිමස් යන නමින් මේ වැඩ ඇරබීය.


annonymous hacker
තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා පොදුවෙ යම් වැඩකට එක් වෙන වෙලාවල් වලදි සියලු දෙනා එකම වෙස් මුණක් පැලද සිටිම බටහිර සම්ප්‍රදායකි. ඒ වෙලාවට බොහො දෙනා පලදින්නේ 16 වැනි සියවසේදි එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණ රණශුරයෙකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මූහුණකි. ඇනොනිමස් විඩියො වල සිටින හැකර් කරුවෝ බොහො විට ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මූහුණු පැළද සිටිති.

එතැන් පටන් ඇනොනිමස් ලොකයේ නොයෙක් තැන් වලට හැකිං ප්‍රහර එල්ල කරමින් සිටි. ඔවුන් මුලින්ම විරොධය පැවේ අන්තර්ජාලයෙන් තොරතුරු පෙරා හැරිමට (filter the internet ) ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ගත් තිරණයටය. එයට විරුද්ධව ඔස්ට්‍රේලියානු ඇනොනිමස් හිතවත්තු " ගයිඩෝ ෆෝකීස් " වෙස් මුහුණු බැද විරොධතා පැහ. 2011 ජනවාරියේ ට්යුනිසියවේ වෙබ් අඩවි ගනනාවකට ප්‍රහර එල්ල කලේය. ඊට කලින් සිම්බාබ්වේ රජයේ වෙබ් අඩවි ගනනාවකට ප්‍රහර එල්ල කලේය. ඒ විකිලික්ස් එලිදරවු වලට එ රටවල් විරොධය පෑ නිසාය. 2011 ජනවාරියේ ඊජිප්තුවේ හා ලිබියාවේ උද්ඝොෂණ වලට සහය පල කරමින් ඇනොනිමස් ප්‍රහර එල්ල විනි. දැන් ඔවුන් ඇමෙරිකාව දෙසට හැරි සිටිති. නොයෙක් ඇමෙරිකනු ආයතන වලින් තොරතුරු සොරගෙන එවා කාටත් ඩවුන්ලොඩ් කරගත හැකි සේ ෆයිල් ෂෙයාරිං වෙබ් අඩවි වලට එක් කරයි. හරියට විකිලික්ස් කලාක් මෙනි. 

annonymous clip art
ඇනොනිමස් හැකර් කරුවෝ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මූහුණේ ක්ලිප් ආර්ට් එකක් නිතර භාවිතා කරයි.

ඇනොනිමස් කණ්ඩායමේ හැකින් ප්‍රහර කිපයක්....

2011-01-11 සිට 2011-04-20 දක්වා:- ඔන්ලයින් පරඝණක ක්‍රිඩා සැපයු සොනි ප්ලේස්ටෙෂන් වෙබ් සෙවයට දස වතාවක් හැකර් ප්‍රහාර් එල්ල කලේය. ඒ නිසා සිදුවි තිබු පාඩුව කෝට් 1800 කි.
2011-05-19 :- නාසා ආයතනය
2011-05-24 :- ජපානයේ සෝනි මියුසික් ආයතනය
2011-05-27 :- ඇමෙරිකාවේ ලොඛිඩි මාටින් ආරක්ෂක ආයතනය
2011-05-29 :-හොන්ඩා කැනඩා ආයතනයට පිවිස වාර්තා 283000 ක් සොරා ගත්තේය.
2011-06-03:-ඉරාන රජයේ ඉ-මේල් ලිපින 100000 ක් පාස්වර්ඩ් සමග සොරා ගත්තේය.
2011-06-03:-සොනි සමාගමේ යුරොපා දත්ත ගබඩාවට පිවිසුණි.
2011-06-03:-සොනි සමාගමේ රුසියානු දත්ත ගබඩාවට පිවිසුණි.
2011-07-12:- ඇමෙරිකානු ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක සමාගමක් වන බුස් ඇලන් හැමිල්ටන් ආයතනයෙන් පාස්වර්ඩ් සහිත ඉ-මේල් ලිපින 90000 ක් සොරා ගෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවි වල ප්‍රසිද්ධ කර තිබේ....
2011-07-14:-ඇමෙරිකානු රජයට ඉතා පක්ෂපාති කෘෂිකාර්මික බයෝ තාක්ෂණ ආයතනයක් වෙන මොන්සැන්ටෝ සමාගමට ප්‍රහර එල්ල වුණි.





No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...