Pages

Friday, June 7, 2013

ක්‍රෙඩිට් කාඩ් වංචාවට විසඳුමක්! VISA CodeSure


විශ්වාස කරනවද මෙය,ඩිජිටල් ඩිස්ප්ලේ එකක් ඇති ක්‍රෙඩිට් කාඩ් එකක්..

LCD display එකක් ඇති අමුතු පන්නයේ ක්‍රෙඩිට් කාඩ් එකක් දැන් යුරෝපා රටවලදී භාවිතා කෙරේ.වීසා(Visa) ක්‍රෙඩිට්,ඩෙබිට් හෝ ෂොපින් කාඩ් වශයෙන් නිකුත් කරන මේ කාඩ් එකෙහි විශේෂත්වය වෙන්නේ පොදු කාඩ් අංකයක් වෙනුවට සෑම ගණුදෙණුවකදීම අලුත් අංකයක් නිර්මාණය කොටදීමයි.

සාමාන්‍ය ප්‍රමාණයේම ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන මෙහි, අත්සන යොදන තීරුවට ඉහලින් අංක අටක් සටහන් කළ හැකි, පික්සෙල් 48 x 8 ප්‍රමාණයේ LCD display එකක් තිබේ.ඊට පහළින් ඉලක්කම් සහිත බට්න් යතුරු ඇති පුවරුවකි.එම යතුරු වලින් ක්‍රෙඩිට් කාඩ් එකෙහි අංකය සටහන් කළ විට එය ස්ක්‍රීනයේ පෙන්වයි.දැන් එය තහවුරු කිරීමේ බොත්තම එබූ විට අලුත් අංකයක් එම තිරය මත පෙන්වයි.එය මේ වෙලාවේ ගනුදෙනුව සඳහා ක්‍රෙඩිට් කාඩ් අංකය වෙනුවට භාවිතා කළ හැකි අංකයකි.



මෙම අලුත් කාඩ්පත විශේෂයෙන් වටින්නේ ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු කිරීමේදීය(card-not present-transaction).ලොව පුරා කොතැනදීත් වැඩියෙන්ම ක්‍රෙඩිට් කාඩ් වංචා කෙරෙන්නේ, මෙම මාදිලියේ ගනුදෙනු වලදී සපයන තොරතුරු සොරා ගැනීමෙනි. එය වැළැක්වීමට මේ ක්‍රමය හොඳටම සෑහේ. මන්ද,මෙතැනදී සපයන රහස්‍ය අංකය කොහෙත්ම ක්‍රෙඩිට් කාඩ් වංචාවකට යොදාගත හැකි එකක් නොවෙන බැවිනි.එය නිවැරදි එකක්ද නැද්ද කියා දන්නේ ක්‍රෙඩිට් කාඩ් සමාගම් පමණි.

මෙම නව පන්නයේ ක්‍රෙඩිට් කාඩ් එක හඳුන්වන්නේ කෝඩ් ෂුවර්(CodeSure) කාඩ් කියාය.මේවාගේ ක්‍රියාකාරීත්වයට ඕනෑ කරන විදුලි බලය සැපයීම සඳහා ඒ තුල සියුම් බැටරියක් තිබේ.මෙම කාඩ්පත අවුරුදු 3ක් තිස්සේ භාවිතා කරන්නට මෙම බැටරිය සෑහේ.

සාමාන්‍ය චිප් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක්ම මෙසේ ඇති කාඩ් පතක් සේද සකසා අත් හදා බැලීම් කළේය.අවුරුද්දක් පුරා යුරෝපා රටවල් ගණනාවකදී කළ එම අත් හදාබැලීම්වලදී මෙම කාඩ්පත් භාවිතයේ අපහසුතා ගැන වාර්තා වී නැත.ආරක්ෂාව ගැන අර්බුදද මතුවූයේ නැත.
යුරූපය පුරා රටවල පාරිභෝගිකයින්ට කෝඩ් ෂුවර් නිකුත් කිරීමට වීසා කාඩ් ආයතනය තීරණය කළේ ඉන්පසුය.මෙම කාඩ්පත් ලොව පුරා කාටත් ලබා ගත හැකි සේ ප්‍රචලිත කරන බව වීසා ආයතනය කියයි.

Visa CodeSure
ක්‍රෙඩිට් කාඩ් වංචාවට විසඳුමක්

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...