Pages

Saturday, June 29, 2013

DNA ඇඟිලි සලකුණු වල අතීත මංසළකුණු..!!



               Professor Alex Jeffreys of Leicester University who invented genetic fingerprinting in 1984.

DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මුල් වරට යොදවා ගත්තේ 1986 දී මහා බ්‍රිතාන්‍යයේදීයි.
එම සිද්ධිය මෙසේයි......

  • 1983 දී පාසැල් ශිෂ්‍යාවක් දූෂණය කර මරා දමා තිබියදී ලිස්ටර් නගරයට ආසන්න ගමකදී හමුවිය.
  • 1986 දී එවැනිම තවත් සිද්ධියක් එම ගමේ සිදුවිය.
  • එක්තරා පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට පත්වූ අතර ඔහු දෙවන සිදුවීම ගැන පාපොච්චාරණය කරන ලදි. නමුත් පොලිසියේ විශ්වාසය වූයේ මුල් සිද්ධියට සම්බන්ධ පුද්ගලයාද මොහු බවය.
  • පොලීසිය විසින් 1983, 1986 යන අවස්ථා දෙකේදී ලබා ගත් ශුක්‍ර තරල සාම්පල් ද, මෙම සැකකාර පුද්ගලයාගෙන් ලබාගත් රුධිර සාම්පලයක් ද, ලිස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Alex Jeffreys වෙත යොමු කරන ලදි.
  • මහාචාර්ය Alex Jeffreys DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කරන ලදි. එවිට හෙලිදරවු වූයේ මෙම පුද්ගලයා සිදුවීම් දෙකටම නිර්දෝෂී බවය.
  • එම ගම්මානය අවට පුද්ගලයින් 1500 දෙනෙක් සඳහා DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කලද අපරාධකරු සොයාගත නොහැකි විය.
  • අවසානයේදී තැබෑරුමකදී සිදුවූ සංවාදයක් ඇසුරෙන් අපරාධකරු අල්ලාගන්නා ලදි.DNA ඇඟිලි සලකුණු මඟින් ඔහු අපරාධයන් 02 සිදුකළ බව තහවුරු කරන ලදි.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...