Pages

Saturday, June 1, 2013

IT hits.....පරිගණක මිසදිටුකම්

තවත් කොම්පියුටර් මිසදිටුකම් කීපයකින් තමයි අදත් ඔයාලව දැනුවත් කරන්න හිතුවෙ......මේවා පොඩි පොඩි දේවල් වුනත් නොදන්න අය දැනුවත් වෙනවානම් ඒකම ලොකු දෙයක්නෙ...ම්ම්ම්...



  • Flash Drive එකක් Eject නොකොට ගැලවුවොත්??..


ඕනෑම USB උපාංගයක් පරිගණකයෙන් ගලවන්නට කලින් task bar එක මත තිබෙන 'Remove Hardware' අයිකනය මත ක්ලික් කොට ලැබෙන popup window එකෙන් නිවැරදි උපාංගය තෝරා 'Eject' කරන්න ඕන කියන අදහස මුල් බැස ගත්ත අදහසක්.එහෙම කරේ නැත්නම් USB උපාංගයේ රැඳවූ තොරතුරු විනාශවෙන්නට පුලුවන් බව හෝ දෘඩාංග කොටස් වලට හානි වෙන්නට පුලුවන් බව කියවෙන පණිවුඩයක් Windows OS එකේදි මතුවෙනවා.

USB Flash Drive එකකට යම් ගොනුවක් කොපි කරනකොට එය සම්පූර්ණයෙන්ම කොපි වී අවසන් වූවාට පසු Flash Drive එක එකවරම එළියට ඇද ගත්තාට එහි තොරතුරු හානි වෙන්නේවත් පරිගණකයට කිසි හානියක් වෙන්නේවත් නැහැ.ඒ වුණත් පරිගනකය සමඟ දත්ත හුවමාරු වෙමින් තියෙද්දී USB Flash Drive එක එළියට ඇද ගත්තොත් දත්ත සියල්ල හෝ කොටසක් හෝ නැතිවී යාමේ අවධානමක් තිබෙනවා.සමහරවිට නොදැනුවත්කම නිසා මේ දේවල් වලට ඔයාලා මුහුණ දීලා ඇති...ඒ විතරක් නෙවෙයි USB උපාංගයටත් මෙයින් හානියක් වෙන්න පුලුවන්.ඒ වුණත් මේ නිසා පරිගණක පද්ධතියට කිසි හානියක් වෙන්නේ නැහැ..




  • වයිරස් ගාඩ්???...


පරිගණක වයිරස් කියන්නේ පරිගණකයේ ඉබේ ඇති වෙන නරක වැඩසටහන් නෙවෙයි.ඒවා අනිවාර්යෙන්ම පිටත සිට පැමිණිය යුත්තේ ඩිජිටල් තොරතුරු හුවමාරු කරන උපාංග සහ Online සම්බන්ධතා හරහායි.
පරිගණකයකට Virus Guard Software එකක් install කරන්න අවශ්‍ය වෙන්නේ එම පරිගණකය වෙනත් පරිගණක උපාංගත් සමඟ සම්බන්ධ වෙනවානම් පමණයි. ඒත් ඉතින් දැන් තිබෙන නවීන පන්නයේ පරිගණක අන්තර්ජාලය සමඟ සම්බන්ධ කරන නිසා ඒවාට වයිරස් ගාඩ් හෙවත් Antivirus software install කළයුතුයි.
මෙහිදී Windows OS එක තිබෙන පරිගණක වලට Microsoft security Essential software එක ප්‍රමාණවත් යැයි නිර්දේශිතයි.එසේම Windows OS එකේ ඇති Firewall වැඩසටහන සක්‍රිය කරගැනීමත් කළයුතුයි.
ම්ම්ම්... කොහොම වුනත් ඉතින් මේ සියල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න නම් මේවා නිරන්තරයෙන් update කරගත යුතුමයි.නැත්නම් මේ එක ගාඩ් එකකින්වත් වැඩක් වෙන්නේ නැහැ..

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...