Pages

Sunday, June 16, 2013

Find GOLD in the garbage (කුණු කන්දෙන් රන් සෙවිම)  



ජංගම දුරකතන, පරිඝනක හා ඊට සම්බන්ධ වෙනත් උපාංග සාදන්නට නොයෙක් වර්ගයේ ලෝහ වර්ග යොදා ගනි.රත්තරන් , රිදි සහ තඹ ඒ අතරින් වඩාත් වටිනා ඒවාය. පාවිච්චි කොට ඉවත විසි කරන මේ ඉලෙක්ට්‍රොනික් උපාංග කොටස් පරිසරයට ලොකුම හානියක් නොවී නැවත මොනයම්ම හෝ ක්‍රමයකට ප්‍රයොජනයට ගැනිම හදුන්වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය කළමනාකරණය ( E- waste management) කියාය.

ජපානයේ මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රියකරණය පැත්තෙන් දැන් ලොකු ලාබ ලබයි. ඒ රන් , රිදි, සහ තඹ විකුණන්නට පටන් ගැනිමෙනි. මේ ලෝහ සියල්ලලම එන්නේ ඉවතලන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය විශේෂ කර්මාන්තශාලාවල ප්‍රතිචක්‍රිකරණය (Recycling) කිරිමෙනි.






ජපානයේ ඉකො-සිස්ටම් රිසයිකලිං සමාගම (Eco-System Recycling Co.) පසුගියදා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යයවලින් වටිනා ලොහ ලබා ගැනිම ගැන ලොකයාට පඩමක් කියා දුන්නේය. එම සමාගම පෙන්වා දුන්නේ ජංගම දුරකතන සහ වෙනත් පරිගණක උපංග ටොන් එකක් ප්‍රතිචක්‍රිකරණය කිරිමේන් රත්තරන් ග්‍රෑම් 150 ක් ලබා ගන්නට පුලුවන් බවයි. සාමාන්‍යයෙන් රත්තරන් නිධියක යපස් ටොන් එකක් නිස්සාරනය කලොත් ලබා ගත හැක්කේ රත්තරන් ග්‍රැම් 5කි. මේ අතින් බලන විට රන් නිධ්යකින් රත්තරන් ලබා ගන්නවාට වඩා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යයවලින් රන් ලබා ගැනිම විසි තිස් ගුණයකින් වාසි දායකය.

අනෙක් අතට රන් යපස් ටොන් එකකින් බොහො විට ලැබෙන්නේ රත්තරන් විතරය. නමුත් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය ටොන් එකක් ප්‍රතිචක්‍රිකරණය කලොත් රත්තරන් වලට අමතරව තඹ කිලො ග්‍රැම් 100 ක් ද රිදි කිලො ග්‍රැම් තුනක්ද ලැබේ. මේ සැම කාරණයක්ම සැලකු විට දැන් වටිනා ලොහ සොයන්නට පතල් වලට යා යුතු නැත. ඒය නගරයේ කර්මාන්තශාලාවකදිම  කල හැකි නිසා මෙය දැන් හදුන්වන්නේ "නාගරික පතල් කැණිම"(Urban Mining) යන අන්වර්ථ නාමයෙනි.

නගරයක ගොඩ ගැසෙන ඉලෙක්ට්‍රොනික් කුණු ගොඩක් තුල මේ වටිනා ලෝහ වර්ග තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග වල පරිපථ තනන්නට එවා යොදා ගන්නා නිසාය. විශේෂයෙන්ම ජංගම දුරකතනවල සහ පරිඝනක දෘඩාංගවල විද්‍යුත් උපාංග තනන්නට රත්තරන් යොදා ගන්න්නේ එම ලොහය හොදින් විද්‍යුතය ගමන් කිරිමට ඉඩ දෙන නිසාය.එනම් අනෙක් ලෝහ වලට වඩා රත්තතන් වල විද්‍යුත් සන්නායකතාව ඉහල නිසාය. ඊට වඩාඅඩු විද්‍යුත් සම්බන්ධතා ඕනෑ තැන්වලට රිදි සහ තඹ යොදා ගනි.

වැදගත්:-ඉලෙක්ට්‍රොනික් උපාංගවල කැඩි බිදී ගිය කොටස්වලින් වටිනා ලෝහ ලබා ගැනිමකල හැක්කේ එ සදහා විශේෂයෙන් සැදූ කර්මාන්තශාලා වලදිය. එසේ නැතිව මෙය ඉවතලන ජංගම දුරකතන කොටස් එක් කොට ගෙදර දොරෙදි පුළුස්සා කල හැකි දෙයක් නොවේ.එසේ කරන්නට ගියොත් මේ පරිපථ කොටස් වල තිබෙන ඊයම් ආසනික් රසදිය වැනි විස සහිත ලොහ ශරිර ගතවී ඒ තැනැත්තා මිය යන්නට පුලුවන.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...