Pages

Sunday, June 16, 2013

සුව නසන ස්මාට් ෆෝන්

මීට පෙරත් ස්මාට් ෆෝන් ගැන විස්තර ඔයාලට පළකරා.නමුත් ස්මාට් ෆෝන් ගැන මේ කියන්න යන කතාව නම් එච්චර හොද දෙයක් නෙවෙයි.


                           ස්මාට් ෆෝන් ගැන කරපු සමීක්ෂණ තුලින් ස්මාට් ෆෝන් පාවිච්චියෙන් වෙන සෞඛ්‍ය හානි එළිවෙයි.ස්මාට් ෆෝන් භාවිතා කරන්නන් තමන්ට නොදැනීම වුවත් ලොකු සෞඛ්‍ය හානි කර ගනිති. ඕනෑවට වඩා වැඩි කාලයක් ස්මාට් ෆෝන් එකෙහි වැඩ කිරීම. මේ තත්ත්වය උදා කොට තිබෙන බව පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී තිබේ.

                    ස්මාට් ෆෝන් භාවිතා කිරීම නිස මතුවෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වෙන්නේ බෙල්ලේ සහ කොන්දේ අමාරුවයි. ඊට හේතුව ස්මාට් ෆෝන් ස්ක්‍රීනයටම අවධානය යොමු කරගෙන වැඩ කරනවා මිස සුව පහසු සහ සුදුසු ඉරියෞවකින් නොසිටීමයි.වාඩිවී සිටීමත්, බෙල්ල නුහුරට හරවාගෙන ස්මාට් ෆෝන් ස්ක්‍රීනය දෙස බලා සිටීමත් කොන්දේ අමාරුව සහ බෙල්ලේ අමාරුව සාදයි. බ්‍රිතාන්‍යේ වරලත් භෞත චිකිත්සක සංගමය(Chartered Society of Physiotherapy) මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වීය. ඒ ඇසුරෙන් එහි ප්‍රකාශිකාව වෛද්‍ය හෙලේනා ජොන්සන් කියන්නේ,අලුත් පරම්පරාවේ බොහෝ දෙනා ස්මාට් ෆෝනයටම වහල් වී සිටීම නිසා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත යුතු තරමට ආබාධිත වන බවයි.





                    දැන් නොයෙක් ප්‍රමාණයේ ස්මාට් ෆෝන් තිබෙන අතර එහි යතුරු ගණන වැඩි කොට, විවිධ ක්‍රියාකාරීත්ව එක් කිරීමේ නැඹුරුවක් තිබේ.මේ නිසා එකම තාලයකට අනුව වේගයෙන් ඇගිලි ක්‍රියාත්මක කරවන්නට සිදුවෙයි.එය ස්වාභාවිකව ඇගිලි ක්‍රියාකාරීත්ව රිද්මයට එරෙහිය.ඇගිලි පුරුක් සන්ධි රෝගී කරන්නට මේ කෘත්‍රීම රිද්මය හේතුකාරක වෙයි.
             ස්මාට් ෆෝන් වලින් නික්මෙන ශබ්දයත් හොඳ නැත.විවිධ සංඥා හඬ වර්ග මෙන්ම තියුණු ශබ්දය දෙන නාද ද අද ස්මාට් ෆෝන් වල බහුලය. මෙය කනට හොඳ නැත.එය මානසික ආතතියට මුල පුරයි.ඇමෙරිකාවේ ජාතික වෛද්‍ය ආයතනය (National Library of Medicine) මේ ගැන පර්යේෂණ කොට තිබේ.ස්මාට් ෆෝන් පාවිච්චි කරන්නන්ට මානසික ආතතිය,නින්ද නොයාම සහ ඊට සම්බන්ධ වෙනත් රෝගාබාධ වැලදීමේ හැකියාව වැඩිය යනු ඒ පර්යෙෂණ වල අවසන් නිගමනයයි.


              


මේ තත්වය තවත් උග්‍ර කරන්නේ ස්මාට් ෆෝන් ක්‍රියාත්මක වන විට නික්මෙන විද්යුත් චුම්භක තරංගයි.කනට තබා ගෙන කතා කරන විට මොළය සිසාරා යන විද්යුත් චුම්භක තරංග කදම්බය, පිළිකා ඇති කරන්නේද යන්න විවාදපන්න කාරණයක්.එහෙත් එමගින් හිසරදයේ සිට විෂාදය(depression) දක්වා වෙන සෞඛ්‍ය ආබාධ ගණනාවක් ඇති කරන බව නම් ප්‍රත්‍යක්ෂ වී තිබෙන්නක්.

ළමයින් විසින් ස්මාට් ෆෝන් භාවිතා කරනු ලැබීම ලොකු අර්බුදයක් තනයි. කෙළි සෙල්ලම් වයසේ සිටින දරුවන්ට පවා ස්මාට් ෆෝන් ලබා දෙන වැඩිහිටියන්, ඒ දරුවන්ට වැළදෙන ආබාධ වලට වග කිව යුතුයි.

මන්ද, මේ කියන සෞඛ්‍ය හානි දරුවන් තුළ මතුවුවහොත් වැඩිහිටියන් තුළ මතුවෙනවාට වඩා දරුණු සහ හානිකර වෙන බැවිනි.අධ්‍යාපනයට සිරුරේ නීරෝගී වැඩීමට තිබෙන අවකාශ මේ රෝගාබාධ නිසා ඇහිරී යාම ඔවුන්ගේ අනාගතය අඳුරු කොට දමයි.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...