Pages

Wednesday, June 5, 2013

මොබයිල් එකේ විස්තර දැන ගමු ද

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් මෙන්න!.....


මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතරව තවත් බොහෝ තාක්ෂණික තොරතුරු කන්දරාවක් සපයනවා. මේ වගේ සඟවා ඇති තොරතුරු නැත්නම් සීක්‍රට් ඩේටා(Secret data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තියෙනවා.මේවා තමයි සීක්‍රට් කෝඩ්(Secret code) කියන්නෙ.

ෆෝන් එකේ වර්ගය අනුව මේ කෝඩ් වෙනස් වෙනවා.

මේ තියෙන්නේ වර්ග කීපයක සීක්‍රට් කෝඩ්...

නොකියා ෆෝන් වල(Nokia)...


  • *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණූ දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබාගත හැකිය.
  • *0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.
  • *#7780# - කර්මාන්ත ශාලාවේ දී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකස තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
  • 0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් තද කර ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමු වෙයි.
  • *#06# - IMEI අංකය බලා ගත හැකිය.



සෝනි එරික්සන් ෆෝන් වල(Sony Erickson)...

මේවායේ සීක්‍රට් මෙනූ එක ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමඟ * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම කළ යුතුයි.

(ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ට්‍රික් ලකුණ/ජෝයිස්ටික් එක වම් පසට දෙවරක්/ඇස්ට්‍රික් ලකුණ/ජෝයිස්ටික් එක වම් පසට,ඇස්ට්‍රික් ලකුණ)


  • #82# - මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකියි.
  • 0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට ෂෝට්කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල (Samsung Android)...


  • *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
  • *#*#232331#*#* - බ්ලූටූත් පරීක්ෂාව කළ හැක.
  • *#*#0*#*#* - LCD එක පරීක්ෂාව කළ හැක.
  • *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණය පරීක්ෂා කළ හැක.


සැම්සුන් ෆෝන් වල (Samsung)...


  • *#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.
  • #9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
  • *#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.
  • *#8999*837# - හාඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
  • #*2562# හෝ #*3849# - දුරකතනය රීස්ටාට් කළ හැක.


හමුවෙමු නැවතත් මෙවන් කොටසකින්......

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...