Pages

Sunday, June 2, 2013

New Technology.....දන්නවද කතා බහ කරන පෝස්ටර් ඇවිත්!!

මේ අපේ බ්ලොග් එකට අලුතින් එකතුවෙන විශේෂාංගයක්! ඒ තමයි "නව තාක්ෂණය" හෙවත් "New Technology" විශේෂාංගය...නව තාක්ෂණයෙන් උපදින අරුම පුදුම නව නිපැයුම් ගැන ඔයාලත් දැන ගන්න ආස ඇතිනෙ.මෙන්න ඒකට අවස්ථාවක්!....එකතුවෙන්න නව තාක්ෂණයත් එක්ක....



දන්නවද කතා බහ කරන පෝස්ටර් ඇවිත්!!
ලිස්නිං පෝස්ට්(Listening Post)


පසුගියදා බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් ප්‍රදේශයේ දැන්වීම් පුවරුවල සංගීත නාද වැයෙන අමුතුම පන්නයේ පෝස්ටරයක් අලවාතිබුණි. එය සංගීත සංදර්ශනයක් ගැන කියන්නට සැකසූවකි. මෙම පෝස්ටරයේ තිබෙන කුදා තම්බ්නේල් ඉමේජය මත ඇඟිල්ල තැබූ විට සංගීත නාදයක් වැයෙන්නට පටන් ගනී. එය සංගීත සංදර්ශනයකදී වැයෙන සංගීත ඛණ්ඩයකි.එය අසා කැමතිනම් පෝස්ටරයේ තවත් තැනක ඇඟිල්ල තැබිය යුතුය.එවිට අංකයක් කියවෙයි.ඒ ප්‍රසංග ශාලාවේ පුටු අංකයයි.දන් ඒ පුටුව ඇඟිල්ල තැබූ තැනැත්තා වෙනුවෙන් කලින්ම වෙන් කෙරේ.


මෙසේ මහ මඟ යන එන මිනිසුන් මැද අලවා තබන්නට පුලුවන් ,නමුත් සාමාන්‍ය ක්‍රමයෙන් ඔබ්බට ගිය පෝස්ටර් දැන් හඬුන්වන්නේ "ලිස්නිං පෝස්ට්(Listening Post)" කියායි.මේවා තනා තිබෙන්නේ කඩදාසි මත විශේස ආකාරයකට මුද්‍රණය කළ පරිගණක පරිපථ ඇසුරෙනි.

ලිස්නිං පෝස්ට් ක්‍රම‍යේ පෝස්ටරය පෙනුමෙන් සාමාන්‍ය එකක් සේ වුවත්,එය මුද්‍රණය කොට තිබෙන්නේ විදුලිය ගමන් කළ හැකි හෙවත් සන්නායක තීන්ත වර්ගයකිනි.පරිගණක පරිපථ පුවරුවක පරිපථ රටාව මෙන් මෙහි අකුරුද,ග්‍රෆික්ස්ද නියෝජනය කරන්නේ පරිපථ කොටස්මය.මෙම පෝස්ටරයට විදුලිය ලැබෙන්නේ සූර්ය කෝෂ පරිපථයකිනි.එයද කාටත් නොපෙනෙන සේ පෝස්ටරයේම මුද්‍රණය කොට තිබෙන්නකි.ස්පීකරයක් විශේෂයෙන් සවිකොට නැත.පෝස්ටරයේම ස්පීකරයක් තනා ඇත්තේද මුද්‍රිත තීන්ත රටා ඇසුරෙන් කඩදාසියේ ඝණකම විශේෂ ක්‍රමයකට අඩු වැඩි කරමිනි.කෙසේවෙතත් පෝස්ටරයෙ තිබෙන ස්පීකරයේ හඳ මදිනම් එයට හෙඩ්ෆෝනයක් සම්බන්ධ කළ හැකි තැනක්ද තිබේ.

මෙසේ ගීත නාද දෙන පෝස්ටරය තව් තවත් මහජනයාට සමීප කරවන්නට සමත් නවාංග එයට එක්කරන්නට දැන් පර්යේෂකයෝ වෙහෙසෙති.වෙබ් අඩවි වල තිබෙන්නාක් වැනි 'ලයික්(Like)' බොත්තමක් මේ පෝස්ටරයට එක්කිරීමට දැනටමත් පුලුවන් වී තිබේ.පෝස්ටරයේ පෙන්වන දෙයට යමෙක් කැමතිනම් 'ලයික්' බොත්තම ඔබා 'ඡන්දය' ලබා දෙන්නට පුලුවන.එම තොරතුරු පෝස්ටරයේ ඇති පරිපථයේ රැස්වෙන අතර පසුව ඒවා මැන ගන්නට හැකිය.

වෙබ් පිටුවක් සාමාන්‍ය මුද්‍රිත දැන්වීමකින් වෙනස් වෙන්නේ ගනුදෙනුවක් පවත්වාගෙන යන්නට පුලුවන් ස්වභාවය හෙවත් ඉන්ටරැක්ටිව්(Interactive) ගතිය වෙබ් අඩවියේ තිබෙන නිසාය. සාමාන්‍ය මුද්‍රිත දේ අත හැර වෙබ් පිටුවලට මහජනයා පිවිසෙන්නේ මේ නිසාය.වෙබ් අඩවි වල තිබෙන මෙම ඉන්ටරැක්ටිව් ගති, මුද්‍රිත මාධ්‍යයට ගෙන එන්නට පුලුවන් වුනොත්, මුද්‍රිත මාධ්‍ය ප්‍රබල වෙයි.ලිස්නිං පෝස්ර් යනු ඒ නව විප්ලවයේ ආරම්භය බව එහි නිර්මාතෘහු කියති.
මෙහි තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඩන්ඩී විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෝන් රොජර්ස් ඇතුලු පිරිස විසින් දියුනු කරන ලද්දකි.මෙය දනට විද්‍යුත් සන්නායක තීන්ත වර්ගයක් යොදාගෙන ස්ක්‍රීන් පින්ටිං ක්‍රමයට අනුව මුද්‍රණය කරනු ලබයි.  

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...