Pages

Wednesday, June 5, 2013

Cyber War (සයිබර් යුද්ධ)

Cyber war


ලෝකයේ බලවත් රාජ්‍ය තමන්ට එරෙහිව සයිබර් යුද්ධයක් දියත්ව ඇති බව පසක් කොට ගෙන සිටී. ඊට එරෙහිව වැඩ කිරිමට දැනටම ආයතන පිහිටුවා තිබේ. ඉන් කැපි පෙනේන්නේ ඇමෙරිකාවේ US Cyber Com ආයතනයයි.

එහෙත් ඊටත් එහා යමින් අලූත් පරිඝනක ජාලයක් තනන්නට දැන් ඇමෙරිකාව වැඩකරමින් සිටි. ලොක් හිඩ් මාටින් සමාගමේ අනුදැනුම ඇතිව මෙය මෙහෙයවනු ලබන්නේ ඇමෙරිකාවේ ආරක්ෂක පරික්ෂණ ආයතනය(DARPA) විසිනි. අන්තර්ජාලය උපන්නේද මේ ආයතනයේදිය. ඒලෙසම අලුතින් හදන්නට යන්නේ ඇමෙරිකාවේ පරිඝනක ජාල වල ආරක්ෂාව තර කෙරෙන අලුත් ජාලයකි. ඩොලර් කොටි 50 ක් වියදම් කොට නිර්මාණය කරන මේ ජාලයේ නම නැෂනල් සයිබර් රේන්ජ් (National Cyber Range) ය.



හැකර්කරුවන්ට උත්තර දෙන්නට පුලුවන් තරමේ දැනුම සහ පලපුරුද්ද සහිත වෘතිකයන් ඕනෑ කරන කාලයකි මේ. ඒ සදහා ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව වෘතිකයන් බිහිකරන වැඩසටහන් අරඹා තිබේ. මයික්‍රොසොෆ්ට් , අයි.බ්.ඒම්. යන සමාගම් මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයත් මෙයට සහය දක්වයි.

2011-03-24 දින වේල්ස් විශ්ව ව්ද්‍යාලයේදී ආරම්භ වූ දෙදින සමුළුවෙදී බ්‍රිතන්‍ය සහ ඇමෙරිකානු විශ්ව විද්‍යාල අතර එකගතා ඇති කර ගත්තේය. ඒ හැකර්කරුවන්ගේ සයිබර් ප්‍රහාරවලට එරෙහිව කටයුතු කල හැකි පුද්ගලයින් බිහි කිරිමේ විශ්ව විද්‍යාල පාඨමාලා ඇරඹ්මටය. ඒහිදි කියැවුනේ ඉදිරි කාලයේදි බ්‍රිතන්‍යයේත් ,ඇමෙරිකාවෙත් , ලෝකයේ අනිකුත් දියුණු රටවලත් වැඩිම වැටුප් ලබන රැකියා අවස්ථා බොහොමයක් බිහිවෙනූ ඇත්තේ සයිබර් ආරක්ෂාව සැලසිමේ විවිද ක්ෂේත්‍රවලට සම්බන්ධ වැඩ ආශ්‍රිතව  බවය.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...