Pages

Sunday, June 16, 2013

The Blue Brain Project (ඩිජිටල් මිනිස් මොළය)


මිනිසාගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කිරිමේ වැඩ සටහනක් 2005 දී ආරම්භ වුණි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය(The Blue Brain Project) යනු එහි නමයි.දැන් කියන්නේ ඉදිරි වසර අවුරුදු 7ක් 8ක් යැමට පෙර මේ ව්‍යාපෘතියේ කෘතිම මොළය එලිදක්වන බවයි.

ඊට කලින් පටන්ම පසුගිය අවුරුදු 15 කට වැඩි කාලයක් පුරා මෙසේ ඩිජිටල් මොළයක් නිර්මාණය කිරිමේ වැඩවල නිරතවී සිටින්නේකි මහාචාර්ය හෙන්රි මාක්‍රම්.බ්ලූබිරේන් ව්‍යාපෘතිය මෙහෙයවන්නේ ඔහු විසිනි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය යටතේ දැන් කරන්නේ මිනිස් මොළයේ බාහිකය කියා හදුන්වන ප්‍රදේශයේ ඇති විශේෂ  කලාපයක් වන නව බාහිකයේ (Neocortex) ස්නායු සැලැස්ම නිරුපණය කරන ඩිජිටල් ආකෘතියක් තැනිමය.


නව බාහිකයේ විශේෂ කලාපයක් වන්නේ , එය ක්ෂිරපායින්ගේ මොළයේ පිහිටා ඇති නිතරම දියුණු වෙමින් හෙවත් පරිනාමය වෙමින් පවතින කලාපයක් නිසාය. වයස්ගතවන විට අත්දැකිම් වැඩි වන විට නව බාහිකය වෙනස්වී ඒ දැනිමට අනුව ක්‍රියා කිරිමට ඒ ඒ පුද්ගලයාගේ මොළය යොමු කරවයි. මේ විශේෂ ප්‍රදේශයේ ස්නායු පිහිටා ඇති ආකාරයම නොව එම ස්නායු එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්නා ආකාරයට ක්‍රියාත්මකවන ඩිජිටල් ආකෘතියක් තැනිම බ්ලුබිරේන් හි වෑයමයි.

මේ යටතේ දැන් නව බාහිකය ප්‍රදේශයේ තිබෙන නියුරෝන දසදහස් ගණනක මෘදුකාංග ආකෘති (Software Models) නිර්මණය කොට තිබේ.එනම් මේවා පරිගණක වැඩසටහන්ය. මේ එක් පරිගණක වැඩසටහනක් වෙන්ව ගතහොත් එය ක්‍රියා කරන්නේ ස්නායු සෛලයක් ක්‍රියා කරන ආකාරයටය. ස්නායු සෛලයක් ආවේග ලබා ගන්නේ කෙසේද එවා සම්ප්‍රේෂණය කරන්නේ කෙසේද , අනෙක් ස්නායු සමග සම්බන්ධතා පවත්වා ගන්නේ කෙසේද යනාදි මූලික ස්වරූප සියල්ල මේ මෘදුකාංගයෙන් නැවත නිර්මාණය කළ හැක.

මෙසේ යම් උපකරණයක් හෝ ජිවි පද්ධතියක් ගොඩනැංවි ඇති ස්වරූපය හෙවත් ඉංජිනෙරු ලක්ෂණ වෙනත් තැනකදි යම් ක්‍රමයකට ඉදිරිපත් කිරිම හදුන්වන්නේ ප්‍රතිවර්ත ඉංජිනේරු (reverse engineering) කටයුතු කියාය. මෙසේ ප්‍රතිවර්ත ඉංජිනේරු ක්‍රමයට දැන් සකසා තිබෙන එක් ස්නායු සෛල මෘගුකාංගයක් ක්‍රියාතමක කරවිමට එක් ලැප්ටොප් පරිගණකයක් බැගින් ඕනෑ කෙරේ. එනිසා මොළයේ නව බාහිකයේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම නැවත ක්‍රියාත්මක කොට බලන්නට ලැප්ටොප් පරිගණක දස දහස් ගණනක් ඕනෑ කෙරේ. එනම් මේ වැඩ කටයුත්තට සුපිරි පරිගණකයක් යොදා ගැනිම ප්‍රායොගිකය. ප්‍රොසෙසර් දස දහසක් ඇති IBM සමාගමේ බ්ලුජින් සුපිරි පරිගණකය බ්ලු බිරේන් ව්‍යාපෘතියට යොදා ගෙන තිබෙන්නේ එ නිසාය.

බ්ලු බිරේන් වැඩසටහන ගැන දේශන පවත්වන සැම විටම එහි ප්‍රධානි මහාචාර්ය හෙන්රි මාක්‍රම් , ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්නයක් අසයි. " මේ ලෝකේ මානසික රෝගින් කී දෙනෙක් ඉන්නවා ද? " කවුරුත් උත්තර නොදුන්නොත් ඔහුම උත්තරය කියයි. " කොටි දෙසීයයි!" " මේ අය සම්පුර්ණයෙන් සනීප කරනවාට ඔබ කැමතිද? " කවුරුත් " ඔවි" කියා උත්තර දෙති. " එහෙනම් බ්ලු බිරේන් ප්‍රොජෙක්ට් එකේන් මොළයේ ඩිජිටල් ආකෘතියක් තනා අවසන් වු දාට ඒය කල හැකියි " මහාචාර්ය හෙන්රි මාක්‍රම් කියයි.

සැබැවින්ම බ්ලු බිරේන්  ව්‍යාපෘතියේ අරමුණ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ පහසු කළ හැකි සේ මොළයේ ඩිජිටල් ආකෘතියක් තැනිමය.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...