Pages

Thursday, June 6, 2013

Current is Free (විදුලිය නොමිලේ)

අද කාලයේ මහජනය වැඩි පුර ජිවත් වෙන හැම තැනකම රූපවාහිනියක්,රේඩියොවක් ක්‍රියාත්මක වේ.දුරකතන සන්නිවෙදන කුළුනු බහුලය. ජංගම දුරකතන සිමාවක් නොමැතිව වැඩ කරයි.මේ හැම උපකරණයක්ම තම සන්නිවෙදන කටයුතු කරන්නේ නොයෙක් විද්‍යුත් චුම්භක තරංග ඇසුරිනි. සන්නිවෙදන කටයුතු කරන අතරවාරයේදි විද්‍යුත් චුම්භක තරංග වැනසෙන්නේ නැත. බෙලහින වන්නේද නැත. ඒවා නොයෙක් අතට විසිරෙමින් තිබේ. ඒ තෙරුමින් ගත් විට අප ජිවත් වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග සාගරයක් තුල ගිලිය.

දස දෙස පැතිරෙන මේ විද්‍යුත් චුම්භක තරංගවලින් විදුලිය නිපදවෙන ක්‍රමයක් දැන් සොයාගෙනය. ඒ ඇමෙරිකාවේ ජොජියාටේක් ආයතනයේ විද්‍යුත් සහ පරිඝනක ඉංජිනේරු පාසලේ පරික්ෂකයන් විසිනි.මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් සමග ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් මේ සොයා ගැනිම කලහ. ඔවුන් කියන්නේ සන්නිවෙදන කටයුතු වලට බාධාවක් නොවි විද්‍යුත් චුම්භක තරංග වලින් ප්‍රයොජන ගන්නට පුලුවන් උපාංගයක් ඔවුන් විසින් නිපදවා ඇති බවයි.
creaters of ultra wideband antena





ඔවුන් නිපදවා තිබෙන්නේ විශේෂ වර්ගයේ(Ultra wideband) ඇන්ටනාවකි.විද්‍යුත් චුම්භක තරංග , මේ ඇන්ටනාව හා ගැටුනු විට විදුලිය උපදි. ඒ විදුලිය  සෘජු ධාරාවක (DC) සිට ප්‍රත්‍යාවර්ත ධාරාවක් (AC) බවට හරවන්නට පුලුවන.මෙතැන තිබෙන විශේෂත්වය වන්නේ ඇන්ටෙනාවක් සවි කළ විදුලි උපකරණයක් සාමාන්‍ය පරිසරයේ තබා ඇති විට ඒය ක්‍රියාත්මක විදුලි සැපයුමක් අවශ්‍ය නොවේ.ඇන්ටෙනාවෙන් උපදින විදුලියෙන් විදුලි උපකරණ ක්‍රියාත්මක වේ.
ulta wideband

දැනටමත් ජෝජියාටෙක් පරියේෂකයෝ මෙවැනි රැහැන් රහිත සංවේදක (Wireless Sensors) නිපදවා හමාරය. දැන් ඔවුන් මේ ඇන්ටනාව වැඩි දියුණු කර වැඩි විදුලියක් නිපදවිමට පරික්ෂණ දැන් සිදු කරමින් පවති.
සාමාන්‍ය පරිසරයේ පිරි තිබෙන රේඩියො ට්වි සහ මොබයිල් ෆොන් සිග්නල් මෙසේ විදුලිය බවට හරවන ඇන්ටෙනාව , හුදෙක් ටිවී හෝ රේඩියෝ ඇන්ටෙනාවක් මෙන් ලෝහ කුරක් ඇති ඒකක් නොවේ. මෙය නැමෙන සුළු ප්ලාස්ටික් කඩදාකියක මුද්‍රණය කළ හැකි රටාවකි.මේ නිසා විදුලිය උපදවා දෙන මෙම උපාංගය , විදුලි උපකරණයක තිබෙන සාමාන්‍ය පරිපථයකටම ඇදා තැනිය හැක.

අලූත් ඇන්ටෙනා උපාංගයේ වටිනාකම නොයෙක් ලෙස විස්තර කල හැක.එදිනෙදා ජිවිතයට පමණක් සම්බන්ද කර බැලුවත් මෙහි ප්‍රයොජන ගණනාවකි. කිසි වියදමක් නැතිව විදුලිය නිපදවා දෙන මේ ඇන්ටෙනාව . ජංගම දුරකතනයට සම්බන්ධ කර එන දාට , ජංගම දුරකතනයේ බැටරි බැස යාමේ කරදරයක් නැත. මන්ද, එහි බැටරියක් නැති බැවිනි. මේ විදියට බැටරි නැති ඔරලොසු , සෙල්ලම් බඩු , රේඩියෝ , ටීවී පමණක් නොව පරිගණක යන්ත්‍ර පවා සාදන්නට තමන්ගේ මේ අලුත් තාක්ෂණයට පුලුවන් බව ඇමෙරිකානු පර්යේෂකයෝ කියති.


1 comment:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...